burka-ban-sri-lanka

මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය සරත් වීරසේකර බුර්කා තහනම සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා දිනයේ අත්සන් තැබූ බවට පැවසු කැබිනට් පත්‍රිකාව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට හෝ නොගත් බව අමාත්‍ය S.M. චන්ද්‍රසේන මහතා මාධ්‍ය කළ විමසීමකදී කියා තිබේ.


පූර්ව ප්‍රචාරයක් ලැබුණ නිසා ඒ සම්බන්ධයෙන් අද  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර එයට පිලිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ බුර්කා තහනමට රජයට එතරම් හදිසියක් නොමැති බවයි.

මෙරට පාකිස්තාන මහකොමසාරිස්වරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ බුර්කාව තහනම් කිරීම තුළින් මෙරට මුස්ලිම් ජනතාවගේ මෙන්ම ලොව පුරා මුස්ලිම්වරුන්ගේ හැගීම්වලට හානියක් සිදුවන බවයි.