අනියම් පෙම්වතිය සමඟ කොතරම් ප්‍රශ්න තිබුණද බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක පෙම්වතා ඇය සමඟ හංවැල්ල හෝටල් කාමරයක දින දෙකක්ම ගත කළේ ඇය ඝාතනය කිරීමේ අදහසකින් හෝ ඇය ඝාතනය කිරීමට
පෙර සිටම හිතේ තිබූ සැලැස්මක් මත හෝ නොවන බව විමර්ශනවලදී ඒත්තු ගොස් තිබේ.
එවන් සැලසුමක් උප පොලිස් පරීක්ෂකවරයාගේ සිතේ තිබුණේ නම් ඔහු ඇය සමඟ මෙම හෝටලයේ නවාතැන්
ගැනීමට එන විටදී පිහියක් අනිවාර්යයෙන්ම සඟවා ගෙන රැගෙන එන බව මේ පිළිබඳ විමර්ශන කරන
නිලධාරියෙක් කීය.
ඇය හා ඔහු හංවැල්ල ප්‍රදේශයේ නවාතැන් පොළේ කාමරයක රැඳී සිටියදී ඇති වූ ප්‍රශ්නයක් මත ඒ
මොහොතේ හටගත් ක්ෂණික කෝපයක් හේතුවෙන් ඔහු විසින් ඇය එකවර මරාදමන්නට ඇතැයි සැකකරන බවත්
නැතහොත් ඔහු අතින් ඇය මියයන්නට ඇතැයි සිතිය හැකි බවත් එහෙත් ඔහු එවන් දෙයක් කරන්නට ඇත්තේ ඇය
මරා දැමීමේ අදහසින් නොවන බවට සැකකළ හැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට පහරදීමක් සිදුනොවී ඇති බැවින් දෙදෙනා අතර ඇති වූ
ආරවුලක් මත උප පොලිස් පරීක්ෂක පෙම්වතා විසින් ඇගේ ගෙල මිරිකන්නට ඇති බවත් එම අවස්ථාවේදී ඇය
මරණයට පත් වන්නට ඇතැයි සැක හිතන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇගේ මරණයත් සමඟ බියට පත්වූ උප පොලිස් පරීක්ෂක පෙම්වතා ඇය කවුදැයි හඳුනාගැනීම වැළැක්වීම
සඳහා ඉන්පසු හෝටලයෙන් පිටවී හංවැල්ල නගරයේ ඇති සතිපොළට ගොස් පිහියක් මිලදී ගෙන ඇවිත් මියගිය
පෙම්වතියගේ ගෙල සිඳලන්නට ඇතැයි සිතිය හැකි බවත් එම නිලධාරියා කියයි.
මෙම තරුණියගේ හිස කඳින් වෙන් කර ඇත්තේ ඝාතනයට පසුව බවට වෛද්‍ය වාර්තාවේද නිගමනය වී තිබේ.
උප පොලිස් පරීක්ෂක පෙම්වතාට ඇය ඝාතනය කිරීමට සැලැසුමක් තිබුණේ නම් ඔහුට ඒ සඳහා අවශ්‍ය
ක්‍රමවේද සූදානම් කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණු බවත් ඒ අනුව විමර්ශනයේදී සැකකළ හැක්කේ ඔහු
තම පෙම්වතිය හෝටල් කාමරයට ගෙනැවිත් ඇත්තේ ඇයව ඝාතනය කිරීමේ අදහසකින් නොවන බැව් පැහැදිලි
බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
කීර්ති මෙන්ඩිස්
0 Comments