මෙරටට පොල්තෙල් ගෙන්වන ලද සමාගම් තවත් තුනක දෙවැනි තත්ත්ව පරීක්ෂණයද අසමත් වී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම සමාගම් විසින් ගෙන්වූ තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි.
ඊයේ දිනයේ ද එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබිණි.ඒ අනුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් 04 ම පොල්තෙල් වල පිළිකා කාරකයන් හදුනාගෙන ඇත.මේ වන විට අදාළ සියලුම තෙල් තොග ප්‍රති අපනයනය කරන ලෙස උපදෙස් දී ඇත.තෙල් පරීක්ෂාවට ලක්ව කරන ලද සමාගම් හතර මෙසේය.
අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව
මෙරටට ගෙන්වන ලද පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කළ බවත් පරීක්ෂණ අවසන් වන තෙක් පාරිභෝගික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාළ තෙල් තොග ඇතුලත් කන්ටේනර ශ්‍රී ලංකා රේගුව විසින් නැවත හරවා යවනු ඇති බවත්
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දන්වා ඇත.
රේගුව විසින් මෙම පොල්තෙල් තොග ගුදම්වල තබා ගන්නා ලෙස දැනුම් දී තිබිය දී යම් ආයතනයක් ඊට පරිබාහිරව කටයුතු කර නිෂ්පාදන ක්‍රියාවලියට ගෙන තිබේනම් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
0 Comments