කොළඹ - ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයත් වාර්තාවීම ඊයේ 15 වනවිට ශීඝ්‍ර ලෙස අඩුවී ඇතැයි කොවිඩි-19 පැතිරීම් වැළක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  ඊයේ (15) පෙරවරුව වනවිට කොළඹින් වාර්තා වූයේ ආසාදිතයින් 50 දෙනකු බවත් ගම්පහෙන් 47 දෙනකු පමණක් වාර්තා වූ බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.   කොරෝනා දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ ගහ දිස්ත්‍රික්කයේ මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් ඉකුත් කාලයේ ලෙසින් වර්ධනය වුවද මේ වනවිට එම තත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බව එම මධ්‍යස්ථානයේ නවතම වාර්තා අනුව දක්නට ලැබේ.





කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ප්‍රදේශයෙන් 08 දෙනකු හා ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායකින් 16 දෙනකු ඊයේ (15) දින  පෙරවරු 6 වනවිට වාර්තා වී තිබූ බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.  කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාව අනුව, ඊයේ (15) පෙරවරු 6න් අවසන් වූ පැය 24 ක කාලය තුළ රත්නපුරෙන් 42දෙනකු, ගල්ලෙන් 34ක්, පුත්තලමෙන්, මහනුවරින්, කෑගල්ලෙන්, නුවරඑළියෙන්,  මොනරාගලින් එක් ආසාදිතයකු බැගින්,  බදුල්ලෙන්, කළුතරින්, වව්නියාවෙන්, හම්බන්තොටින් 02 දෙනකු බැගින් ද, යාපනයෙන් 07ක්, කුරුණෑගලින් 04ක්, මාතලෙන් 19ක්, අම්පාරෙන් 09ක්, මාතරින් 49ක්, කිලිනොච්චියෙන් 03ක් වශයෙන් ආසාදිතයන් හඳුනාගෙන ඇත.


මෙරට කොවිඩ්-19 වයිරසය ආසාදිත සමස්ත සංඛ්‍යාව ඊයේ පෙරවරුව වනවිට 87,906 ක් වූ අතර ඉන් 84,647 දෙනකු පූර්ණ සුවය ලබා ඇති බවත් ආසාදිතයන් 2,732 දෙනකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවත් එම මධ්‍යස්ථානය කියයි.  එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 106ක 10,370 දෙනකු තිරෝධායනය වෙමින් සිටින බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 -නිමන්ති රණසිංහ-