ඉතාලිය තුළ COVID-19 පාලනයට යැයි පවසමින් පාසල් වසා තිබීම අත්‍යවශ්‍ය දෙයක් නොවන බව පවසමින් එරට මවුපියන්, දරුවන් සහ ගුරුවරුන් පසුගියදා විරෝධතාවක නිරත වී තිබේ. මෙහිදී විරෝධතාකරුවන් තවදුරටත් පාසල් වසා දැමීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවන හානිය පිළිබදව පවසා තිබේ.

ඒ අනුව "මොනදේ වුණත්, පාසල් විවෘත කරන්න" යනුවෙන් සදහන් පුවරුද ඔවුන් මෙහිදී පෙන්වා ඇත. එරට රෝම නගරයේ Piazza del Popoloචතුරස්‍රය ඇතුළුව රට පුරා පිහිටිඑවැනි චතුරස්‍ර 35ක් හිදී මෙම විරෝධතා සංවිධානය වී ඇත. ඒ අනුව ඉතාලියේ නව අගමැතිවරයා ලෙස පත් වූ මාරියෝ ඩ්‍රාඝිගේ නව ඒකාබද්ධ රජයට එරෙහිව ක්‍රියාත්මක ප්‍රථම ජනතා විරෝධතාව ලෙස මෙය සැලකෙයි.වත්මන් රජය බලයට පත්වීමෛන් අනතුරුව පසුගිය මාර්තු 15 සිට මෙලෙස එරට පාසල් බොහෝමයක් වසා දැමීමට තීරණය ගෙන තිබේ. ඒ හරහා රට තුළ ව්‍යාප්තවන COVID-19 වසංගතය පාලනය අරමුණ වී ඇත. එම කාලය තුළ දරුවන්ට අන්තර්ජාලය හරහා ඉගැන්වීම් සිදුකරන ලෙසද රජය සදහන් කර තිබේ.