covid-nasel-spray

COVID-19 වෛරසය පාලනය සඳහා හඳුන්වා දී ඇති නාසික විදිනයට අතරමැදි අනුමැතියක් ලබාදීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය සහ නවසීලන්තය පවසයි. දෙරටේම COVID-19 මර්දන එන්නත්කරණය ක්‍රියාත්මක කරමින් පැවතිද්දීම මෙම ක්‍රමයද ක්‍රියාත්මක වන බව බලධාරින් සඳහන් කරයි.  විශේෂයෙන්ම ඒ හරහාද රාජ්‍යයන් තුළ මෙම වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම අරමුණ වී තිබේ. SaNOtize Research and Development

නම් සමාගම මගින් මෙම නාසික විදිනය ඉදිරිපත් කර තිබේ.මෙය NONS එනම් Nitric Oxide Nasal Spray ලෙස හැදින්වෙයි. එම සමාගමේ හවුල්කාර සමාගමක් වන Nectar Chempharma Solutions මගින් දැනටමත් මෙම නාසික විදිනය නිපදවීම ඊශ්‍රායලය තුළ ආරම්භ කර ඇති අතර, එහිදී Envoid යන සන්නාමයෙන් එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.මෙම කටයුතු නිසි ලෙස සිදුවුවහොත් මේ වසරේ ජූනි මාසයේදී පමණ එය බෙදාහැරීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන්වෙයි. මෙම SaNotize සමාගම දැනටමත් මෙම නාසික විදිනය නවසීලන්තයේ වෛද්‍ය සහ වෛද්‍ය උපාංග ආරක්ෂක අධිකාරිය තුළ ලියාපදිංචි කර තිබේ.