යුරෝපා සංගමයේ රාජ්‍යයන් තුළ මේ වනවිට මතභේදයට ලක්ව ඇති බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZeneca සමාගම එක්ව නිපදවූ AstraZeneca එන්නත සම්බන්ධයෙන් පෙර සිටම එම සංගමයේ රාජ්‍යයන්හි වැසියන් තුළ යම් අකැමැත්තක් පැවති බව ඒ පිළිබද මතවිමසුමක් මගින් අනාවරණය කර තිබේ. මෙම එන්නත ලබාගැනීම හරහා රුධිර කැටිති ඇති වන බවට වන සදහනත් සමග මේ වනවිට යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් 27න් 13ක්ම එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබේ. කෙසේ වෙතත් යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් කෙරුණු අතර, එය ආරක්ෂිත එන්නතක් බව පවසා තිබේ. එසේම එය සෘජුවම රුධිර කැටිති ඇති වීමට හේතුවක් නොවන බව පවසා ඇත.ඒ අනුව රටවල් කිහිපයක් යළිත් එම එන්නත ලබාදීම අරඹා තිබේ.
එහෙත් එම අධිකාරිය තවමත් එවැනි තත්වයක් මෙම එන්නත හරහා ඇතිවිය හැකිය යන අදහසද සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන නැත.
මේ අතර, බ්‍රිතාන්‍යයේ මෙම AstraZeneca එන්නත සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ රාජ්‍යයන්හි වැසියන් තුළ පසුගිය පෙබරවාරි මාසය අවසානයේදී පවා යම් අකැමැත්තක් පැවැති බව මීට පෙර සිදුකළ ජනමත විමසුමකින් පවා ඔප්පු වී තිබූ බව සමීක්ෂණ ආයතනයක් වන YouGov පවසයි. එසේම මේ මාසය මුලදී වාර්තා වූ මෙම රුධිර කැටිති ඇතිවීමේ තත්ත්වය යුරෝපා සංගමයේ රාජ්‍යයන්හි ජනතාව තුළ එන්නත සම්බන්ධයෙන් වන අකැමැත්ත තවදුරටත් වැඩිකිරීමට හේතු වී ඇතැයිද ඔවුන් සදහන් කරයි.ඒ අනුව පසුගිය මාර්තු 12දා සිට 18 දක්වා කාලය තුළ යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් හතක වෙසෙන 8,000ක පිරිසක් යොදාගෙන මෙම ආසන්නතම මත විමසුමක් සිදුකර තිබේ. එහිදී වැඩි පිරිසක් එක්ව නිපදවූ බ්‍රිතාන්‍යයේ AstraZeneca සමාගම එතරම් ජනප්‍රිය එකක් නොවන බව පවසා ඇත. ඒ අනුව ජර්මානුවන්ගෙන් 55%ක්, ප්‍රංශ වැසියන්ගෙන් 61%ක් සහ ඉතාලි හා ස්පාඤ්ඤ වැසියන්ගෙන් 36%ක් හා 38%ක් එම එන්නත ආරක්ෂිත නොවන බව පවසා තිබේ.
0 Comments