covid19-advice

COVID-19 වසංගතය ආසාදනය වී එය සුව අතට පත්වන පුද්ගලයන් තුළ එම වෛරසයට එරෙහිව නිපදවෙන ප්‍රතිදේහවලින් මාස 9ක ආරක්ෂාවක් ලැබෙන බව චීනයේ වූහාන් පළාතේ සිදුකළ අලුත්ම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම කාලසීමාව තුළදී එවැනි පිරිස් වෙත වෛරසය යළිත් ආසාදනයක් සිදුනොවන බවද එහි සඳහන් වෙයි.


මෙහිදී වෛරසය ආසාදනය වූ පිරිසගෙන් 40% ක් තුළ මෙම තත්වය වාර්තා වී ඇත. මෙම අධ්‍යයනයට අනුව පසුගිය වසරේදී එම නගරයේ COVID-19 ආසාදින අනුපාතය 6.9% ක අගයක් ගෙන තිබේ. එය මෙම වසංගත තත්වයේ ව්‍යාප්තිය හමුවේ එම නගරයේ ජනගහනයෙන් ඉතාමත් සුළු ප්‍රමාණයකට වෛරසය ආසාදනය වීමේ අවස්ථාවක් බවට පත්ව තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චීන වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සහ පෙකින් වෛද්‍ය විද්‍යාලයේ සභාපති සහ මෙම අධ්‍යයනයේ ප‍්‍රධානිය වන වැන්ග් වෙන්, "මෙතැනදී ජනගහනයෙන් කොපමණ පිරිසකට COVID-19 වෛරසය වැලඳ තිබෙනවාද සහ ඒ අතරින් කොපමණ පිරිසකට ප්‍රතිශක්තිකරණයක් හිමිව තිබෙනවාද කියන දේ ඉදිරියේදී මේ වසංගත පාලනය සහ බෝවීම අඩු කරවා ගැනීමට ඉතාමත් වැදගත් වනවා” යැයි පවසා තිබේ.

මෙහිදී 2020 අප්‍රේල් මාසයේදී නගරයේ ලොක්ඩවුන් සිමා ලිහිල් කිරීමෙන් අනතුරුව එහි ප‍්‍රදේශ 13හිම වෙසෙන 9,500කට අධික ජනතාවක් යොදාගනිමින් ඔවුන් තුළ මෙම ප්‍රතිදේහ පිළිබඳ අධ්‍යයනය සිදුකර තිබේ. ඒ අනුව පසුගිය වසරේ ජූනි මාසයේදී සහ ඔක්තෝම්බර් සහ දෙසැම්බර් යන මාසවලදීද මෙම පිරිසගේ රුධිර සාම්පල ලබා ගෙන ඒවා තුළ මෙම ප්‍රතිදේහ නිබෙනවාද  යන්න පරීක්ෂා කර ඇත. මෙම අධ්‍යයනය සඳහා වූහාන් රෝග පාලන සහ වළක්වා ගැනීමේ මධ්‍යස්ථානය සහ චීනයේ රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානයද දායකත්වය ලබා දී ඇත