covid19-china-CanSino-Biologics

COVID-19 වෛරසයෙන් වසර දෙකක ආරක්ෂාවක් ලබාදිය හැකි නව එන්නතක් ඉදිරිපත් කිරීමට චීනයේ CanSino Biologics සමාගම කටයුතු යොදා ඇතැයි පවසයි. ලබන බ්‍රහස්පතින්දා දිනයේදී මෙම එන්නතට චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පාලනාධිකාරියේ අනුමැතිය හිමිවීමට නියමිතව තිබේ. 

මෙම එන්නත Ad5-nCoV හෙවත් Convidicea ලෙස නම් කෙරී ඇත.චීනයේ CanSino Biologics සමාගම සහ හමුදාව වෛද්‍ය විද්‍යා ඇකඩමිය එක්ව මෙම එන්නත නිපදවා ඇත.චීනය තුළ භාවිතය සඳහා අනුමැති හිමිවීමට නියමිත සිවුවැනි එන්නත බවටත් මෙය පත්වීමට නියමිතව තිබේ. දැනට සිදුකර ඇති රසායනික පරික්ෂාවට අනුව එම එන්නත රෝග ලක්ෂණ සහිත COVID-19 රෝගීන් සඳහා වන සාර්ථකත්වයේ අනුපාතය 65.7%ක ප්‍රතිශතයක් ගනී. එසේම එක් එන්නත් වාරයක් හරහා දරුණු COVID-19 තත්වයන් වැළක්වීම සදහා මෙම එන්නත්තේ ඇති හැකියාව 90.9%ක් බවත් ගණන් බලා ඇතැයි පසුගිය පෙබරවාරි මාසයේදී නිකුත්වූ මෙම එන්නතේ අවසන් අදියරේ රසායනික අත්හදා බැලීම් හරහා අනාවරණය කෙරී ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක් පර්යේෂිකාවක "අපි මෙතැනදී වඩා වේගවත් ප්‍රතිශක්තිකරණයක් සහිතව මෙය නිර්මාණය කර තිබෙනවා.මේ වේගවත් එක් එන්නත් මාත්‍රාවකින් 10 ගුණයේ සිට 20 ගුණය දක්වා වන ප්‍රතිශක්තිකරණයක් හිමි වෙනවා.

ඒ වගේම එන්නත් මාත්‍රා දෙකක් මගින් අපට වසර දෙකක ආරක්ෂාවක් හිමි වෙනවා.” යනුවෙන් පවසා ඇත.

මේ වනවිට ලොව පුරා ඉදිරිපත්ව ඇති COVID-19 එත් වන Sinovac, Sinopharm, Pfizer, Novavax. Moderna, AstraZeneca සහ රුසියාවේ Sputnik V යන එන්නත් සියලේ දී සති දෙකත් සති දහයත් අතර කාල පරතරයක් තුළදී එන්නත් මාත්‍රාව දෙකක් ලබාදීම අනිවාර්යය වී ඇත. ඒ අනුව මෙම එන්නත් සාපේක්ෂව වඩා වැඩි ආරක්ෂාවක් බලාපොරොත්තු වන්නේ නම් ඊට හොදම විසදුම මෙම CanSino හි Convidicea එන්නත බව පර්යේෂකයන් සදහන් කරයි. එසේම මෙම එන්නත් ඇති තවත් වාසියක් වන්නේ වයස අවුරුදු 60ට වැඩි පිරිස් වෙත ලබාදෙන ආරක්ෂාවයි.මේ දක්වා චීනය තුළ අනුමත කෙරී ඇති එන්නත් ලබාදීමට නියම කෙරී ඇත්තේ වයස අවුරුදු 18ත් 30ත් අතර පිරිස් වෙත පමණාකි.