වයස අවුරුදු 10 සහ ඊට අඩු වයසේ පසුවන දරුවන් තුළ වැඩිහිටියන්ට සාපේක්ෂව නව කොරෝනා වෛරසයට (COVID-19) එරෙහිව වඩා වැඩි ප්‍රතිදේහ ප්‍රමාණයක් නිපදවෙන බව අලුත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබේ.
එක්සත් ජනපදයේ Weill Cornell Medicine නම් ආයතනයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යයනය සිදුකර ඇත. ඒ අනුව මෙම වසංගතය දරුවන්ට ආසාදනය වීම වැඩිහිටියන්ට ආසාදනය වීමට වඩා බරපතළ බවට මෙතෙක් පැවැති අදහස ඉවත් කිරීමට මෙය ප්‍රමාණවත් වන බවත් එම පර්යේෂණ කණ්ඩායම සදහන් කරයි. මෙහිදී ඔවුන් 2020 අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුළදී නිව්යෝක් නුවර 32,000කට ආසන්න පිරිසකගේ සිදුකළ ප්‍රතිදේහ පරීක්ෂාවන්හි ප්‍රතිඵල විශ්ලේෂණය කර තිබේ.ඒ අනුව ඉන් 1,200ක් පමණ වූ දරුවන් තුළ සහ 30,000ක් පමණ වූ වැඩිහිටියන් තුළ මෙම වෛරසය මීට පෙර ආසාදනය වී තිබූ බවට වන ලක්ෂණ පෙන්නුම් කර ඇත.
එය ප්‍රතිශතයක් ලෙස 17% ක් සහ 19%ක් ලෙසද හඳුනාගෙන තිබේ. අනතුරුව පර්යේෂකයන් මෙම පිරිසගෙන් වෛරසයට ධනාත්මක ලෙස පරීක්ෂාවට ලක් වූ පිරිස් කවුරුන්ද යන්න විමසා තිබේ. ඒ අනුව දරුවන් 85දෙනෙකු සහ වැඩිහිටියන් 3,648 දෙනෙකු එහිදී හඳුනාගෙන ඇත. ඒ හරහා මෙම පිරිස තුළ නිපදවී ඇති ප්‍රතිදේහවල පවතින ප්‍රතිශක්තිකරණ මට්ටම හෙවත් immunoglobulin G (igG) මට්ටම පිලිබඳව පරීක්ෂා කර ඇත.ඒ අනුව වයස අවුරුදු 1 සිට 10 දක්වා වූ දරුවන් තුළ මෙම igG මට්ටම මැදි අගයක් ගෙන ඇති අතර, එය වයස අවුරුදු 19 සිට 24 අතර වූ දරුණ වැඩිහිටියන් 127 දෙනෙකු තුළ පැවැති igG මට්ටමට මෙන්ම පස් ගුණයක ඉහළ යාමක් බවත් පර්යේෂකයන් පෙන්වා දෙයි.
0 Comments