covid19-uk-varient

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ නව ප්‍රභේදය සතුව අනෙකුත් ප්‍රභේදයන් හා සාපේක්ෂව ඉහළ මරණ අනුපාතයක් පවතින බව අලුත්ම අධ්‍යයනයක් මගින් අනාවරණය කර සිටියි. 

ඒ අනුව මෙම මරණ අනුපාතය 3% සිට 100%ක් දක්වා වන බව මෙම පර්යේෂණය සිදුකළ එරට Exeter විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ ප්‍රථම වරට හදුනාගැනුණු මෙම නව ප්‍රභේදය පසුව දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ ස්ථාන රැසකින් හමුවිය.

අද වනවිට එම ප්‍රබේදය ලොව පුරා රටවල් 100ක් වෙතම ව්‍යාප්ත වී තිබේ.මෙම නවතම වාර්තාව සදහා සිදුකර ඇති අධ්‍යයනයට අනුව COVID-19 රෝගීන් 54,906කගෙන් ලබාගත් සාම්පල අනුව ඉන් මෙම නව ප්‍රභේදය සහිත පිරිස් 227දෙනෙකු මරණයට පත්ව ඇති බවත්, අනෙකුත් ප්‍රභේද වැලදුණු පිරිස අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 141ක් ලෙසත් සටහන්ව ඇත.මෙම නව ප්‍රභේදය B.1.1.7. ලෙස නම් කෙරී ඇත. මෙහිදී පර්යේෂකයන් බ්‍රිතාන්‍ය තුළ මෙම නව ප්‍රභේදය ආසාදනය වූ පිරිස් සහ මෙම මරණ සංඛ්‍යාව අතර අනුපාතය එකිනෙක සසදීමක් සිදුකර තිබේ. ඒ අනුව අනෙකුත් වෛරස ප්‍රභේදයන්ට සාපේක්ෂව මෙම නව ප්‍රභේදය තුළ ඉහළ මරණ අනුපාතයක් පවතින බව ඔවුන් සඳහන් කර සිටියි.