අද වනවිට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජීවිත අහිමි කරමින් කෝටි සංඛ්‍යාත පිරිසක් ආසාදිතයන් බවට පත්කර තිබෙන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය මිනිසා වෙත සම්ප්‍රේෂණය වූයේ සතුන්ගෙන් බව පැහැදිලි යයි COVID-19 වසංගතයේ සම්භවය පිළිබඳ අධ්‍යයනය මගින් අනාවරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනයේ විද්‍යාඥයන් පිරිසක් එක්ව COVID-19 වසංගතයේ ආරම්භය පිළිබඳව සිදුකල අධ්‍යයනයේ ප්‍රතිඵල දළ සටහනක් ලෙස ඉදිරිපත් කරමින් පර්යේෂකයන් මේ පිළිබදව සදහන් කර තිබේ. ඒ අනුව මූලිකවම වවුලන් තුළ හටගත් මෙම වෛරසය වෙනත් සතෙකු හරහා මිනිසාට බෝ වන්නට ඇතැයි මෙම අධ්‍යයන වාර්තාව පවසයි.
එසේම මෙම වෛරසය යම්කිසි විද්‍යාගාරයකින් පිට වූ බවක් බවට වන අදහස කිසිලෙසකින්වත් සිදුවිය නොහැකි දෙයක් බවටද මෙම අධ්‍යයනය මගින් අවධාරණය කර තිබේ.
මෙම විද්‍යාගාර අදහස පවා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මතු කරවූවක් වන අතර පසුව එය ලොව පුරා ව්‍යාප්ත විය. කෙසේ වෙතත් මෙම සොයාගැනීම හරහා වෛරසයේ මුල්ම ආරම්භය කෙසේ සිදු වුණිද යන්න පිළිබදව ඉතාමත් සුළු කරුණු කිහිපයක් පමණික් සටහන් කෙරී ඇත. ඒ අනුව තවත් පිළිතුරු නොමැති ප්‍රශ්න කිහිපයක්ම තවදුරටත් ඉතිරිව තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව විද්‍යාගාරයකින් මෙම වෛරසය පිටතට පැමිණි බවට වන අදහස හැර අනෙකුත් කාරණා සම්බන්ධයෙන් තවදුරටත් ක්ෂේත්‍ර කිහිපයක් හරහාම අධ්‍යයනය කළ යුතුව තිබෙන බවත් මෙම කණ්ඩායම යොජනා කරයි. එහිදී චීනයේ මුහුදු ආහාර වෙළඳ පොළකින් මෙම වෛරසය මිනිසුන්ට බෝ වුණු බවට වන අදහස පිළිබඳවද විමර්ශනය කළ යුතුව ඇතැයි අධ්‍යයනය මගින් සදහන් කර තිබේ. ඒ අනුව මෙම අධ්‍යයනය මගින් පැහැදිලිවම COVID-19 වෛරසය මිනිසා වෙත බෝවීමට හේතුව මෙය යයි සදහන් නොකරන බවද . පර්යේෂකයන් පවසා සිටියි. ඒ සඳහා තවත් විසර ගණනාවක් යනු ඇතැයි යන්නෙ ඔවුන්ගේ අදහස වී තිබේ.උදාහරණයක් ලෙස අප්‍රිකාව තුළ ව්‍යාප්ත වූ ඉබෝලා වෛරසය මිනිසුන් වෙත බෝවීම සදහා සැබෑ හේත්තු වූයේ කුමන වවුල් විශේෂයද යත්න පිළිබදව එම වෛරසය මුලින්ම හඳුනාගෙන වසර 40ක් ගත වී ඇතත් තවමත් අපොහොසත්ව තිබීම දැක්විය හැකි බවත් ඔවුන් අවධාරණය කර ඇත.
0 Comments