dam-street-murder

කොටුව වේල්ලවීදියේ අතැර දමාගිය හිස කඳින් වෙන්කළ මළසිරුර හිමිකාරිය මේවනවිට පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර ඇය කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අවිවාහක තරුණියක බවත් ඇය විවාහවීමට අපේක්ෂාවෙන් ෆෙස්බුක් ඔස්සේ මිතුරුවී ඇසුරු කළ බුත්තල පොලිසියේ විවාහක උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙම ඝාතනය සිදු කර ඇති බවත් අනාවරණයවී ඇත.
මේ ගැන සොයා බැලූ විමර්ශන කණ්ඩායම් ඊයේ ඔහුගේ බදුල්ල බඩල්කුඹුර නිවස වටළන ලද අතර ඔහු එම අවස්ථාවේ කැලෑවට පැනගිය අතර ඔහු සොයා මෙහෙයුම් කණ්ඩායම් ගමන් කර තිබුණි. මේ අතර අද උදෑසන වාර්තා වන්නේ අවුරුදු 52ක් වන සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවත් ඔහුගේ සිරුර කැලෑවේදී හමුවූ බවත්ය.


තරුණිය කාලයක් තිස්සේ ඇසුරු කර ඇත්තේ ඔහු විවාහකයෙකු බව දැන නොමැතිව වන අතර ඔහු ගැන නිවැසියන්ටද දන්වා තිබී ඇත.සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සඳහා මීට දින හතරකට පමණ පෙර ශ්‍රී  පාදය බලා යන බව නිවෙසට දන්වා හංවැල්ල ප්‍රදේශයේ නවාතැන්පළකට පෙම්වතා සමග කල්ගෙවීමට ආ ගමනකදී මෙම ඝාතනය සිදුව ඇත. ඇය ආපසු නොපැමිණි නිසා පවුලේ අය කුරුවිට පොලිසියට පැමිණිලි කර තිබුණ අතර ඊයේ සවස ඇගේ සිරුර හඳුනාගැනීමට ආ නිවැසියන් එය ඇගේම බව තහවුරු කර ඇත.

හංවැල්ලේ සීසීටීවී දර්ශන ඔස්සේ බස් රථයට මිනී බැගය රැගෙන ආ සැකකරු පැමිණි ස්ථානය හා රැඳී සිටි බවට සැකකරන නවාතැන්පොළවල් ගැන හෝඩුවාවන් සොයා බැලූ පොලිස් විමර්ශන කණ්ඩායම් අවසානයේ ඔහුට සමාන අයෙකු තරුණියක හා නැවතී සිටි තාවකාලික නවාතැන්පොළ සොයාගැනීමට හැකිවිය.

විමතියට කාරණාව වන්නේ එම ස්ථානයට අදාළ පුද්ගලයා ලබාදී ඇත්තේ තම නිවැරදි ජාතික හැඳුනුම්පත හා නිවැරදි පදිංචි විස්තරයි. (ඝාතකයා සැලසුම් සහගතව ඝාතනය කළ බවක් නොපෙනෙයි)
ඒ අනුව පොලිසිය අදාළ ස්ථානය සොයා වැටළීම් කළ අතර බදුල්ල බඩල්කුඹුර ප්‍රදේශයේ නිවස ඊයේ (02 දා) සවස පොලිස් කණ්ඩායමක් විසින් වටලනු ලැබූ අවස්ථාවේ සැකකරු නිවසින් පැන අසල කැලෑවක සැගවුනේය.

පසුව පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (02 දා) සවස සිට එම කැළෑ ප්‍රදේශය වටලා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබියදී ඔහු අද උදෑසන මියගොස් සිටියදී හමුවිය.

නිවස වටලනු ලැබූ අවස්ථාවේදී ඔහුගේ නිත්‍යනුකුල බිරිඳ කියා තිබුනේ ඔහුට 18 හැවිරිදි වියෙහි පසුවන පුත්‍රයකුද සිටින බවයි. ඉකුත් 27 දා තම සැමියා නිවසින් පිටවී ගිය බවත් ඊයේ (02 දා) අලුයම් කාලයේ ඔහු නැවත නිවසට පැමිණී බවත් ඇය කියා ඇත.
අනියම් බිරිය ඝාතනය කර ඇගේ හිස කදෙන් වෙන්කර බෑගයක දමා පිටකොටුවේ වේල්ලවීදිය ප්‍රදේශයේ මහමග අතැර ගොස් ඇත්තේ බුත්තල පොලිසියේ රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් බව විමර්ශන වලදී අනාවරණයවී ඇත.
සාතනය සිදුකර ඇත්තේ හංවැල්ල නගරය ආසන්නයේ පිහිටි නවාතැනකදීය.. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තිළිණි යසෝමා ජයසුරිය නැමැති කුරුවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියක බව පොලිසිය විසින් ඊයේ (02) රාත්‍රී හඳුනා ගන්නා ලදි.
සැකකාර උප පොලිස් පරික්ෂකවරයා මෙම තරුණිය විවාහ කර ගන්නා බවට බොරු පොරොන්දු දී කාලයක් තිස්සේ ඇය ඇසුරු කර ඇතැයි හෙළිවී ඇත.


මෙම තරුණිය සැකකරු සමග නවාතැන් ගෙන සිටි හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හල වෙත ලබාදී තිබූ තොරතුරු ඔස්සේ ඇය හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
මෙම තරුණියගේ මව ඇතුළු ඥාතීන් විසින් මෙම තරුණිය හඳුනාගෙන ඇති අතර ඉකුත් 27 දා සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සඳහා කතරගම හරහා  ශ්‍රී  පාදය බලා යන බව නිවෙසට දන්වා
ඇය නිවසින් පිටව ගිය බවද ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

30 හැවිරිදි වියේ පසුවූ මෙම තරුණිය සිය මව සමග කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇගේ සොහොයුරකු ප්‍රාදේශීය දේශපාලනඥයකු බවද පොලිසිය පවසයි. ෆේස් බුක් මාර්ගයෙන් මෙම තරුණීය සැකකාර උප පොලිස් පරිකෂකවරයා දැන හඳුනාගෙන ඇති අතර ඔහු අවිවාහකයකු ලෙස පෙනී සිටිමින් ඇය විවාහ කර ගැනීමට සුදානමින් සිට ඇති බවද මාපියන් දැනුවත් කර ඇත.
තරුණිය ඝාතනය කර ඇගේ හිස කදින් වෙන්කර ගමන් බෑගයක දමාගෙන ඇති සැකකරු හංවැල්ල නගරයේ සිට පෞද්ගලික බස් රථයකින් පිටකොටුව වේල්ලවිදිය ප්‍රදේශයට රැගෙන ගොස් මහමග දමා පලායාම අන්දෝලනයට තුඩුදුන්නේය. අනියම් බිරිඳගේ හිස කොටස වෙනත් ස්ථානයකට දමන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම උප පොලිස් පරික්ෂකවරයා හංවැල්ල ප්‍රදේශයේ නවාතැනක සිටි බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ඊයේ (02දා) දහවල් එම නවාතැන්පළ පරිෂා කරන ලදී. එහිදී මෙම සැකකරු නවාතැන වෙත ඔහුගේ නිවැරදි නම හැඳුනුම්පත් අංකය ලිපිනය සහ දුරකථන අංකය ලබාදී තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.‍
නවාතැත්පලේ සේවකයකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ එම සැකකරු ඉකුත් 28 වැනිදින කාන්තාවක් සමග මෙහි පැමිණ නවාතැන් ගත් බවයි. ඒ අනුව පොලිසිය සැකකරු පදිංචිව සිටි බදුල්ල බඩල්කුඹුර ප්‍රදේශය බව හඳනාගන්නා ලදි.

බුත්තල පොලිසියේ රාජකාරි සඳහා පැමිණීමට පෙර ඇමැති ආරක්‍ෂක අංශයේ සේවය කළ නිලධාරියෙකි,
ඔහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයකුද වන අතර කාලයක පටන් අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිව ඇත. සැකකරු මෙම තරුණිය ඝාතනය කළේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් අනාවරණය වී නැත. ඝාතනයට ලක්වූ මෙම තරුණියගේ බවට සැක කරන ඇඳුම් බෑගයක් හංවැල්ල නගරයේ වෙළඳසලක් අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් ඊයේ (02) දා සොයාගෙන තිබිණි.
තරුණියගේ හිස තවම හමුවී නැති අතර සැකකරු දිවිනසාගත් නිසා එම තොරතුරු තවම වසන්වී ඇත.
Latest Update
ඝාතක බුත්තල එස් අයි ප්‍රේමසිරිගෙන් දිවිනසාගන්න පෙර ලියුමක්