යතුරුපැදියක ඉන්ධන ටැංකියේ මුඩිය ඉවත් කර පෙට්රල් සුවඳ බැලීමට උත්සාහ කළ වයස අවුරුදු හතක දරුවකු මියයාමේ සිදුවීමක් පෙරේදා දඹුල්ලෙන් වාර්තා විය.දරුවා පස්වරුවේ තම මිත්තනියගේ නිවසට පැමිණ සිටිය දී නිවස ඉදිරිපිට නවතා තිබූ ඥාතියකුට අයත් යතුරුපැදියක් මතට නැග එහි පියන ඉවත් කර පෙට්රල්වල ගඳ සුවඳ බැලීමට යාමේදී අනතුර සිදුව ඇති බවට සාක්ෂි ලැබී තිබේ.
මියගොස් ඇත්තේ දඹුල්ල වැලමිටියාව ප්රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සජිත් කුමාර මුණසිංහ නමැති 7 හැවිරිදි දරුවෙකි.
මියගිය දරුවාගේ පියා කියා සිටියේ පස්වරුවේ නිවෙසට පැමිණ සිටිය දී ඥාතියකු පැමිණ මෙම දරුවා යතුරුපැදිය මත සිහිසුන්ව සිටින බව කියූ අවස්ථාවේ අනතුර දුටු බවයි. එම ස්ථානයට දිවගිය නමුත් එම අවස්ථාව වන විටත් දරුවා යතුරුපැදිය මතම වැටී සිටි බව ඔහු කියයි.රෝහල මත රැගෙන යනවිටත් දරුවා මියගොස් තිබුණි.
දරුවා සිහිසුන්ව සිටිනු දුටු තරුණිය පවසන්නේ තමන් නිවසට පැමිණෙන විට දරුවා යතුරුපැදියේ ඉන්ධන ටැංකියට මුහුණ හොවාගෙන සිටිනු දැක කතා කළ ද ඔහු කතා නොකළ නිසා ඉවත් කිරිමට උත්සාහ කළබවත් ඒ අවස්ථාවේ සිහි විසඥව සිටින අයුරක් හැඟුණ බවයි.
පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ 21 දින දඹුල්ල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.
දරුවාගේ මරණය පෙට්රල් ආඝ්රාහණයකින් පමණක් සිදුවීම තරමක අවිනිශ්චිත ලක්ෂණ පෙන්වන බව රෝහල් ආරංචි වාර්තා කර තිබේ. මේ ගැන වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.
0 Comments