dental-maharagama

මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ ප්‍රධාන හෙද නිලධාරිනියකට එහි වෛද්‍යවරියක් විසින් පෙරේදා
(22දා) කනට පහර දුන් බව පවසමින් එම හෙදිය පැමිණිල්ලක් කර ඇතැයි මහරගම පොලිසිය කියයි.
 


රජයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛවලට අනුකූලව හෙද නිලධාරිනිය විසින් ආයතනයේ අධ්‍යාපන
වැඩසටහන් පවත්වාගෙන යන අතර තමාට පහරදුන් බව කියන වෛද්‍යවරිය එයට විරෝධයක් දක්වන බව ඇය
කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම සිද්ධිය මුල් කරගෙන පෙරේදා (22දා) දහවල් ‍ෙදාළහට පමණ වෛද්‍යවරිය හා හෙද නිලධාරිනිය
අතර බහින්බස්වීමක් දුරදිග ගොස් පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය
කියයි.

පහර කෑ හෙද නිලධාරිනිය රෝහල් ගතවීම සඳහා අධිකරණ වෛද්‍ය පෝරමයක් රැගෙන පිටව ගිය බව
පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත
පරීක්ෂණ පැවැත්වේ.

කොළඹ _ ජයසිංහ