dharga-town-incident

දර්ගා නගරය, යටදොළ පාරේ අධිකාරිගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලකට ඊයේ 10 වැනිදා අලුයම ගිනි තැබූ බව කියන සැකකාර පුද්ගලයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් සහ අලුත්ගම පොලිසිය එක්ව ඊයේ 10 වැනි පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කියයි.මෙම වෙළඳසැලේ ගින්න අවට ප්‍රදේශවාසීන්, අලුත්ගම පොලිසිය සහ කළුතර නගර සභාවේ ගිනි. නිවන ඒකකයේ නිලධාරින් එක්ව නිවා දමා ඇතැයි පොලිසිය කියයි. වෙළෙඳ සලෙහි ගෑස් ටැංකි ඇතුළු කුඩා සුපිරි වෙළෙඳසලක මෙන් විවිධ වර්ගයේ රුපියල් ලක්ෂ 25ක පමණ භාණ්ඩ තිබී ගිනිගෙන විනාශ වී ඇතැයි එහි හිමිකරු අලුත්ගම



පොලිසියට පැමිණිලිකර තිබේ.මෙම වෙළෙඳසල පිටුපස කුඩා විදුලි පන්දමක් සහ ගිනි පෙට්ටියක් තිබී ඇති අතර ඒ ඔස්සේ කළ පරීක්ෂණ මත මෙම ස්ථානයට කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් රැගෙන ආ "කැන්ඩි" නම් නිල සුනඛයාගේ ගමන් මග ඔස්සේ ගමන් කළ පොලිස් නිලධාරින්ට යාබද පදිංචිකරුවකු වූ සැකකාර පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර තිස් පස් හැවිරිදි පුද්ගලයා කළ පාපොච්චාරණයේ දී සැකකරු පවසා ඇත්තේ මෙම වෙළෙඳසලෙන් භාණ්ඩ ණයට ලබාගෙන ඇති අතර එම ණය මුදල් සටහන් කරන ලද පොත විනාශ කිරීමේ අරමුණින් වෙළෙඳසලට ගිනි තබා ඇති බවයි. එම ගින්නෙන් ශීතකරණයක් ඇතුළු රුපියල් ලක්ෂ 25ක පමණ අලාභයක් සිදුව ඇතැයි වෙළෙඳසල් හිමියා පොලිසියට පවසා තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 (අලුත්ම තුසිත කුමාර ද සිල්වා)