ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමසාරිස්වරිය ගෙන ආ
යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුවද, එම යෝජනාවට විරුද්ධ වූ හා ඡන්දය නොදුන් රටවල් සංඛ්‍යාව
වැඩි බවත් එය ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බවත් එය අදාළ යෝජනාවට විරුද්ධව බහුතරයක්
ලැබීමක් ලෙස අර්ථ දැක්විය හැකි බවත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ යෝජනාව
පිළිබඳව ඡන්ද විමසීමෙන් අනතුරුව කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් දිනේෂ් ගුණවර්ධන
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11ක් ප්‍රකාශ විය. රටවල් 14ක් ඡන්දය
ලබාදීමෙන් වැළැකී සිටි අතර ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්දය නොදුන් රටවල් සංඛ්‍යාව 25ක් බවද
අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේද කීය.
අන්තිමේදී අප රටට ජාත්‍යන්තව බලාපොරොත්තු ඇතිකරගත හැකි අවස්ථාවක් උදාවී තිබෙනවා.
විශේෂයෙන්ම ජිනීවා නුවරින් නැඟුණු හඬ වූයේ කොවිඩ් වසංගතය පවතින මෙවන් අවස්ථාවක කළ යුත්තේ
කොවිඩ් එන්නත නොලැබුණු රටවල ජනතාවට එම එන්නත ලබාදීමට ප්රමුඛස්ථානයක් ලබාදීම අත්‍යවශ්‍ය
බවයි.
එම නිසා බොහෝ රටවල මතය වූයේ කිසියම් රටක ප්‍රශ්නයක් පවතිනවා නම් මේ මොහොතේ කළ යුත්තේ එම
ප්‍රශ්න පිළිබඳ විමසීමට වඩා කොවිඩ් වසංගතයෙන් ලෝකවාසීන් මුදාගැනීම බව ලෝකයේ රටවල මතය බවයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරිය ගෙන ආ වාර්තාව සම්පූර්ණ අසාධාරණ
වාර්තාවක්. ශ්‍රී ලංකා රජය එය ප්‍රකාශ කළා.
ඉදිරියේදී එය පදනම් කරගෙන යෝජනාවක් කොමිසම ඉදිරියට ගෙන එන්නේ නම් සාමාජික රටවල බහුතරය
එයට එකඟ නොවන තත්ත්වයකට පත් කරන ලෙසට ශ්‍රී ලංකාවට යෝජනා කළා.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට පටහැනිව මානව හිමිකම් කොමිසමට කටයුතු කරන්න බැහැ. බි්රතාන්යය
ප්රමුඛ අප රටට විරුද්ධව ඉදිරිපත් කළ යෝජනාවට බහුතරය හිමිකර ගන්නට හැකිවුණේ් නැහැ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් මෙරට තානාපති අංශත් ලෝකයේ හැම රටක්
සමඟම පුළුවන් ආකාරයෙන් කටයුතු කළා. මේ සමුළුව තිබ්බේ කොවිඩ් වසංගතයක් මැදයි. නමුත් මේ
සම්බන්ධව ජනාධිපති කොමිසමකින් ප්රශ්නකාරී තත්ත්වයක් ඇතිවුණොත් එම ප්‍රශ්න එම කොමිසමට ඉදිරිපත් කළ
හැකියි. අපි ඒ කටයුතු දිගටම කරගෙන යනවා.
අපේ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාටම අද නිදහස උදාවී තිබෙනවා. ඔවුන්ට
ජීවත්වීමේ අයිතිය මේ රජය උදාකරදී තිබෙනවා.
නමුත් බි්රතාන්ය ප්රමුඛව අප රටට ගෙන ආ යෝජනාවට රටවල් 47කින් ඡන්ද 25ක් ඔවුන්ට ලබාගන්නට
බැරිවුණා. එය විශේෂ කරුණක්.
මේ වන විටත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් සමඟ ආයතනිකව වැඩ කරගෙන යනවා. අප රටක් හැටියට
දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කරන්න සූදානම්.
ඉන්දියාව කියා තිබෙනවා පළාත් සභා ඡන්දය පවත්වන්න කියා. ඇයි පළාත් සභා පවත්වන්නට බැරිවුණේ.
පසුගිය ආණ්ඩුව තමයි එම ඡන්දය නොතියන්න පාර්ලිමේන්තුව තුළ කටයුතු කළේ. මේවා පිළිබඳව මානව
හිමිකම් කොමසාරිස්වරිය හරිහැටි කරුණු දන්නේ නැහැ. ඡන්දවලට බය වෙන්න දෙයක් නැහැ. උතුරට
ඡන්දයක් දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය යුතුයි. නමුත් ඒ
සම්බන්ධ නීති වෙනස් විය යුතුයි. වැරැදි පනත් හරිගස්වා ගත යුතුයි.
ඉන්දියාව අපට විරුද්ධව ඡන්දය දුන්නේ නැහැ. ද්‍රවිඩ ජනතාව පිළිබඳ කාරණාව එදා සිටම ඉන්දියාව
කතා කළා. ඉන්දියාව අපේ මිත්‍ර රටක්.
ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු රැස්කිරීමේ කාරණයක් මෙහිදී සම්මත වී තිබෙනවා. නමුත් ඒ පිළිබඳව අපි
දැන්ම කතා කරන්නේ නැහැ. ඒ පිළිබඳ ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එම තොරතුරු
රැස්කිරීම යම් නීතිමය කරුණුවලින් යුතුව සිදුවේවි. එය ඉදිරියේදී අපි කියන්න සූදානම්.
0 Comments