“ලක්කම් කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය” නමින් දේශීය නිපැයුම් වෙළඳ ප්‍රදර්ශනයක් 2021 මාර්තු 29 වන දින උදේ 10.00 ට කොළඹ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී ආරම්භ වේ.


මෙම ප්‍රදර්ශනය 2021 මාර්තු මස 29, 30 හා 31 දිනයන්හි  පෙ.ව. 10.00 සිට ප.ව. 9.00 පැවැත්වේ.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව දේශීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් දේශීය නිෂ්පාදන කර්මාන්තයන්හි නිරත ව්‍යවසායකයින්ට අලෙවි අවස්ථා වැඩි කරගැනිම හා නව කර්මාන්ත අවස්ථා හඳුන්වා දීම මෙහි අරමුණයි.
මෙම අළෙවි ප්‍රදර්ශනයේදී දේශීය රෙදිපිලි හා ඇඟළුම් , පාවහන් හා සම්භාණ්ඩ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර වර්ග, අත්කම් භාණ්ඩ, විසිතුරු මැටි භාණ්ඩ ඇතුලු ඉහල ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන රාශියක් අඩු  මිලකට ලබාගත හැකි වේ.

මීට අමතරව නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ව්‍යාපාර අදහසක් ලබා ගැනීමට අවශ්‍ය වන උපදෙස් හා සේවාවන්ද එම ස්ථානයේදී ලබා ගත හැකිවේ.

මෙම අළෙවි ප්‍රදර්ශනයට පැමිණ භාණ්ඩ මිලදීගෙන දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් ලබා දෙන ලෙස ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉල්ලා සිටී.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භක උත්සවය පැවැත්වේ.