electricity-loss


අද දින පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන අවස්ථාවක විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම හෙළිදරව්වක් කළේය.


2020 අගොස්තු 19 දින දිවයිනපුරා පැය 09 ක් විදුලි බිඳවැටීයාම නිසා  විදුලි ඒකක මිලියන 10.8 ක් අහිමිවී ගිය බවද රටේ ආර්ථිකයට රුපියල් මිලියන 1471 ක් පාඩුවූ බවද අද දින නැගූ පැනයකදී විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් රටේ සැපයීමට නොහැකිවූ විදුලිය නිසා වන පිරිවැය යටතේ  එක් විදුලි ඒකකයක් විදුලි බල මණ්ඩලය මගින් සපයන්නට බැරිව යාමෙන් රුපියල් 136 ක් රටේ ආර්ථිකයට පාඩුවන බවද දන්වා සිටියේය.

විපක්ෂය චෝදනා කළේ මෙම විදුලි ඇණහිටීමේ අවාසිය සඳහා රජයට තවම වැඩ පිළිවෙලක් නැති බවත් ළඟදී ඇරඹූ සුළං බලාගාරයේ නිෂ්පාදනයෙන් පවා රටේ ජාතික විදුලියට ඒකක එක්කිරීමට වැඩ පිළිවෙලක් නැති බවත්ය.