english-teachers-issue

දිවයින පුරා ඉංග‍්‍රීසි විෂය ගුරු පුරප්පාඩු රැසක් තිබියදී 2018,2019 හා 2020 වර්ෂවල දී ඉංග‍්‍රීසි සඳහා උපාධිය හා භාෂාව දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම් පිළිබද උපාධියක් ලබා ඇති උපාධිධාරීන් මෙතෙක් ගුරු සේවයට බදවා ගැනීමට කටයුතු නොකර තිබීම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය අවධානය යොමු කරයි.



මෙම උපාධිධාරීන් ගුරු වෘත්තීයට පිවිසීම අරමුණු කර ගනිමින් අදාළ විශ්ව විද්‍යාල තුළ උපාධි පාඨමාලාව හදාරනු ලැබු අතර ඔවුන් කඩිනමින් පාසල් පද්ධතියට එක් කර ගැනීමට කටයුතු කළ යුතුව ඇත. නමුත් අධ්‍යාපන අමාත්‍යංශය 2021 මාර්තු 07 වැනි දින ගැසට් පත‍්‍රයක් මගින් ශ‍්‍රී ලංකා ගුරු සේවයට දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් පමණක් බඟවා ගැනීමට අයදුම්පත් කැදවා තිබුණ ද 2018 න් පසු වසර 03 ක් තිස්සේ මෙම උපාධිධාරීන් ගුරු සේවයට බඟවා ගැනීමට කටයුතු නොකිරීම ඔවුන්ට මෙන්ම ඉංග‍්‍රීසි ගුරු පුරප්පාඩු වලින් පීඩා විදින සිසු දරුවන්ට සිදු කරනු ලැබු බලවත් අසාධාරණයක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ගුැරු සංගමය පෙන්වාදෙයි.