fonseka-muralitharan

දේශපාලන රැලියකදී ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කළේ යයි දක්වමින් එම ප්‍රකාශය සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට එරෙහිව නීතීඥයින් මාර්ගයෙන් නඩු මගට එලැඹීමට මුරලිදරන් සූදානම් වේ.


ඒ වග සඳහන් එන්තරවාසිය මාධ්‍ය වෙත නිකුත්ව ඇත
මාර්තු 15 වන දින පැවති දේශපාලන රැලියකදී ෆොන්සේකා කියා සිටියේ මෙසේය.
"දැන් අර මුත්තයියා මුරලිදරන් කියලා එකෙක් ඉන්නවා නේද? ඉස්සර අපි හරී ආදරෙයි, බෝල් කරනකොට අපි ඇස් පිය නොගා බලන් ඉන්නවා, කන්න බොන්න ඕනත් නෑ අපට. දැන් ඒකා බෝලේ කරකවලා කරකවලා දාන්නේ මභින්ද රාජපක්ෂලාගේ රෙද්ද අස්සෙන් යන්න දාන්නේ. ඒකට හේතුව මොකද මුත්තයියා මුරලිදරන්ටත් දිලා තියෙනවා වැලිකන්දේ අක්කර 2000ක්. මම වනජීවී ඇමති කාලේ ඒක බලන්න ගියා. අලිමංකඩවල් 3ක් වහලා වැටක් ගහගෙන ඉන්නවා, ඒක ඇතුලේ අනං මනං බහුබුත ටිකක් දාගෙන ඉන්නවා. ලෝභ කමට කුම්බාන්ඩ කමට ඒක වට කරගෙන ඉන්නවා, අලියෙකුටවත් ඒ පැත්තේ යන්න බෑ. එතකොට මේ වගේ වැඩ කරන්න තමයි ඒගොල්ලෝ පරීසරය ආරක්ෂා කරනවා කියලා කියන්නේ."


මෙම කතාව අසත්‍යයක් වග දක්වමින් මුරලිදරන්ගේ නීතීඥයින් යැවූ දීර්ඝ එන්තරවාසිය පහත පරිදිය.