දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගිජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ රිට් පෙත්සමක් ගොනු කළේය.පෙත්සම් මෙසේද සඳහන් වේ.පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සමහි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා ද වේ. මෙම කොමිසම විසින් විමර්ශන සඳහා පෙත්සම්කරුව කැඳවා නැත. ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් ද කර නොමැත. එහෙත් එම වාර්තාව අනුව දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලු කොමිසම විසින් විභාග කළ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් පෙත්සම්කරු ද වගකිව යුතු පුද්ගලයකු බවට නම් කර තිබේ. මෙම කොමිසම සිය විමර්ශන සිදුකළ ආකාරය 1948 අංක 17 දරන කොමිෂන් සභා පනත්තේ 7(2) දරන වගන්තියට පටහැනි වේ.
මෙම කොමිසම විමර්ශනය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි වන අතර එය භාව යුක්ත මූලධර්මයට ද පටහැනි වේ.එසේම ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවල විභාග වූ නඩු සහ නීතිපතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස මැදිහත්ව කොමිසම නිර්දේශ ඉදිරිපත් කර ඇත. එය අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීමකි. පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තහවුරු කළ නඩු තීන්දුවක වරදකරු නිදහස් කරන ලෙස කර ඇති නිර්දේශය අධිකරණයට එල්ල කළ මරු පහරක් වේ. එය අධිකරණයට අපහාසයකි.එම කොමිසමේ විමර්ශන, නිර්දේශ සහ සොයාගැනීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. තවද මෙවැනි නිර්දේශ කිරීමට කොමිසමට අධිකරණය බලයක් නොමැත.එබැවින් එම කොමිසමේ නිර්දේශ සහ සොයාගැනීම් බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා එසේම එම නිර්දේශ මත කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
(රංජන් කටුගම්පොළ)
0 Comments