හුණුගල් ගෙන ඒම ආරම්භ කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියාමකවරුන් හා රියැදුරුන් වෙනුවෙන් පුත්තලම් නරු හෝටලයක දී යළිත් මත්පැන් සාදයක් පවත්වා ඇතැයිද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම සාදයට නියාමකරුන්ගේ සංගමය නියෝජනය කරමින් නියාමකවරුන් පිරිසක් හා රියැදුරු සංගමය නියෝජනය කරමින්, රියැදුරුන් පිරිසක් ද සහභාගි වී ඇති අතර ඒ සඳහා එම පිරිස සාදයට ගොස් ඇත්තේ නියාමක පරික්ෂකවරයා වෙනුවෙන් වෙන්කර ඇති කැබ් රථයෙනි. පුත්තලම අරුවක්කාඩුවෙන් ලබාගන්නා හුණුගල් පුත්තලම සිමෙන්ති කර්මහලට ගෙන යන්නේ දුම්රිය ගැල් මගින් වන ගාල්ලේ සිමෙන්ති කර්මහලට ද අරුවක්කාඩුවෙන් ඊයේ (28) සිට හුණුගල් ගෙන ඒම ආරම්භ කිරිම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හා සිමෙන්ති සමාගම අතර ගිවිසුමක් අස්සන් කර ඇත.
ඒ අනුව හුණුගල් ගෙන ඒම ඊයේ සිට ආරම්භ කළ අතර ඊට පෙර අදාළ සමාගම රියැදුරන් හා නියාමකවරුන් වෙත විශේෂ මත්පැන් සාදයක් පෙරේදා සවස පවත්වා ඇතැයි වාර්තාවේ. මීට පෙර අවස්ථාවක දී ප්‍රමා සමාගමේ පිටි දුම්රියෙන් ගෙන ඒම ආරම්භ වූ අවස්ථාවේ දී ද දුම්රිය නියාමකවරුන් හා රියැදුරන් පිරිසක් එම සමාගම විසින් ත්‍රිකුණාමලයේ තරු හෝටලයක දී පවත්වන ලද සාදයකට සහභාගි වී ඇති අතර දුම්රිය සාමාන්‍යධිකාරිවරයාගේ වාහනයෙන් ගොස් එයට සහභාගී ඇති නමුත් මේ වනතුරුත් ඒ පිළිබඳව කිසිදු පරික්ෂණයක් පවා සිදු වී ඇතැයි එම දෙපාර්තමේන්තු අරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරින් මෙසේ සමාගම් වලින් ලබාදෙන මත්පැන් සාද සඳහා සහභාගි වීම අනුමත කළ නොහැකි යැයි මේ සම්බන්ධව අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙක් පැවැසීය.
-වීනීතා එම්. ගමගේ-
0 Comments