galle-covid19-embilipitiya

වයස 40 ක් වූ හෝටල් සේවකයෙකු කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබාගැනීමෙන් පසු ආසාත්මිකතා පෙන්නුම් කර හදිසියේ මියයාම සම්බන්ධව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.


මෙම සේවකයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ අතර මිට සති දෙකකට පමණ ඉහතදි කොවිඩ් එන්නත ලබාදි ඇත.එන්නත ලබාදුන් දින සිට ඔහුට උණ, ඇගපත වේදනාව, හිසරදය
වමනය හා රුධිර පට්ටිකා අඩුවිම යන සංකුලතා ඇතිවි  තිබෙන අතර ශීඝ්‍ර ලෙස රුධිර පට්ටිකා අඩුවීමේ ප්‍රවණතාවය නිසා ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර එවා තිබුණි.
රෝගය උත්සන්නවූ ඔහු පසුව මියගියේය.
‍ මියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවිමට හේතුවි ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම
නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද යන්න පිළිබද තහවුරුකරගැනිම සදහා පටකවේද හා රුධිර පරික්ෂණයක්
සිදුකරන බව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සදහන් කර තිබේ.

“මොහුට වෙනත් කිසිදු අසනිපයක් තිබිලා නැහැ. ඔහුගේ මොලයට රුධිරය ගලා ඇවිත් තිබුනා.
සිරුරේ අනිකුත් අවයවවල ලේ කැටිති හිරවි තිබුනු බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි තහවුරු වුනා.

කොවිඩ් එන්නත නිසා මෙම සංකුලතා තත්වය ඇතිවු බව අපිට හරියටම කියන්න බැහැ. ඩෙංගු රෝගි තත්වයක් ද
නෙවෙයි. රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවුයේ ඇයිද යන්න පිළිබද පරික්ෂණ මගින් තහවුරු කරගත යුතුවෙනවා.
ඒ බව තහවුරු කරගැනිම සදහා පටකවේද හා රුධිර පරික්ෂාවක් හා ඇට මිදුළු පරික්ෂාවක් කරනවා.“

තොරතුරු - ලලිත් චාමින්ද