සිය බිරියගේ ගෙල කපා ඝාතනය කර සිරුර නිවෙසට ඇදගෙන ගිය සැමියා තාමාටද
පෙට්රල්වලින් ගිනි තබාගැනීම නිසා සිරුරු දෙකම පිළිස්සී තිබියදී ගම්පොළ අගුරුමුල්ල නිවෙසකදී හමුවූ බව ගම්පොල පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගම්පොළ, වත්තහේන, අගුරුමුල්ල ප්‍රදේශයේ පදිංචි චාල්ස් රණවීර මදනායක (68) නමැත්තකු සහ චාන්දනී සිල්වා (57) නමැත්තියක බව පොලිසිය කියයි. ගම්පොල පොලිසිය පවසන පරිදි දිගු කලක සිට පැවැති පවුල් ආරවුලක් දුරදිගයාම නිසා මෙම ඝාතනය සිදුවී ඇත.
මෙම සැමියා හා බිරිඳ එකම ඉඩමේ නිවාස දෙකක තනි තනිව වාසය කර ඇති අතර, කලකට පෙර ගම්පොළ අධිකරණය මගින් නියමකර ඇති නඩත්තු නඩුවකට අනුව සැමියා ඇයට රු. 12,000 ක මුදලක් නඩත්තු වශයෙන් දෙමින් සිට ඇති බව පොලිසිය කියයි. එහෙත් ඇය එම මුදල් ප්‍රමාණවත් නොවන බව පවසා එය වැඩිකර ගැනීම සඳහා නැවත පොලිසියට පැමිණිලි කිරීමට යාමෙන් මෙම ආරවුල ඇතිවී සැමියා ඇය ඝාතනය කරන බවට ලිපියක්ද ලියා තබා ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මොවුන්ට දියණියන් දෙදෙනකු සිටින අතර එක් දියණියක විදේශගතව සිටින්නීය. අනෙක් දියණිය විවාහ වී ඔවුන්ගේ නිවස අසල පදිංචිව සිටින බවද පොලිසිය කියයි. මෙම ආරවුල ඊයේ (24) හටගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ දියණියකගේ පුතකු එම සිද්ධිය දැක පොලිසියට දැනුම් දී ඇත. මෙම
මියගිය මදනායක කුකුළු ගොවිපොළක්ද පවත්වාගෙන ගොස් ඇති අතර ඒවායේ දුගඳ අඩුවීම සඳහා යෙදීමට රැගෙනවිත් තිබූ පෙටරල් ඇඟට හලාගෙන ගිනි තබාගෙන ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි. සිද්ධිය වූ ස්ථානයට ගපොළ වැඩ බලන මහේස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත් වූ අතර මහනුවර විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි සිවසුබනියම් මහතාද එම ස්ථානයට පැමිණියේය. පශ්චාත් මරණ පරික්ෂණය අද (25) මහනුවර මහ රෝහලේදී සිදු කිරිමට නියමිතය. පොලිසිය පරික්ෂණ මෙහෙයවති.
(ගමිපොල සුරංග රාජනායක)
0 Comments