බස්රථවල ටයර් පරීක්ෂා කිරීම පොලිසිය දෙයාකාරයකට සිදුකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා ඊයේ (23 )පැවසීය.
පස්සර බස් රථ අනතුරෙන් පසු පොලිසිය පෞද්ගලික බස් රථවල ටයර් පරීක්ෂා කළත් ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවල ටයර් පරීක්ෂා නොකිරීම නීතිය දෙයාකරයකට ක්රියාත්මක කිරීමක් ලෙස ප්රකාශ කරන බවද විජේරත්න මහතා කීවේය. ටයර් ආනයනයද නවතා දමා ඇති නිසා ටයර් හිගයක් රටේ පවතින බවත් වෙළෙඳපොළේ පවතින ටයර්වල මිල ගණන් ද අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. කොරෝනා හමුවේ බස් රථවල මගීන් ප්රවාහනය ද සීමාකර ඇති වකවානුවක වැඩි මිලක් ගෙවා ටයර් මිලදී ගැනීමට බස් හිමියන්ට සිදුවීම දැඩි අපහසුතාවක් බව ද විජේරත්න මහතා පැවසීය.
මෙම ගැටලූව නිසා පෞද්ගලික බස් රථ රැඅසක් ධාවනයෙන් ඉවත්වී තිබෙන බව ද කී විජේරත්න මහතා එක බස් රථයකින් සිදු වූ වැරැද්දට සියලූම පෞද්ගලික බස් රථ අපහසුතාවයට පත් නොකළ යුතු බව ද අවධාරණය කළේය.
0 Comments