ජනප්‍රිය පාසල්වල 6 ශ්‍රේණියේ ඇති පුරප්පාඩු මත පදනම්ව පහ වසර සමත් සිසුන්ගේ කඩඉම් ලකුණු තීරණය කිරීමට අධ්‍යපන බලධාරින්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා 2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුහු 10ක් අභියාචනාධිකරණය හමුවේ ඊයේ (08) රිට් පෙත්සමක් ගොනු කළහ. දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 10 දෙනකු සිය දෙමව්පියන් මගින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඇතුළු 22 ක් නම් කරනු ලැබ සිටිති.නීතිඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් ගොනු කළ එම පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පෙත්සම්කරුවන් 2020 වසරේ ඔක්තෝබර් 12 දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති. මෙම විභාගයේ ප්‍රතිඵල එම වසරේ නොවැම්බර් 15 වැනි දින මුදා හැරිණි. පෙත්සම්කරුවන් සියලුම දෙනා ලකුණු 175 සිට 189 දක්වා ලකුණු ලබා ගත් අය වෙති. මේ අතර පාසල්වලට 6 වසර සඳහා සිසුන් බඳවා ගන්නා ලකුණු ප්‍රකාශයට පත් කෙරුණු අතර පෙත්සම්කරුවන් කියා සිටින්නේ එම ජනප්‍රිය පාසල්වලට ශිෂ්‍යත්ව පදනම මත බඳවා ගැනීමේ ලකුණ ප්‍රමාණයන් පෙර වසරවල් සමග සැසදීමේ දී ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.පෙත්සම්කරුවන් සහ බහුතර දෙමව්පියෝ ඊට විරෝධතා පළ කළහ. මාධ්‍යවල ද මේ පිළිබද විස්තර පළවිණි.ඉකුත් පෙබරවාරි 12 වැනි දින ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා මේ පිළිබඳ වාර්තාවක් ද ඉදිරි පත් කළේය. එම වාර්තාව මගින් ලකුණු අඩු කිරීම් අවම හැකියාව සොයා බලා සඳහන් කර ඇත. 6 වසර සිසුන් බඳවා ගන්නා ලකුණු ඉහළ යාමට හේතුව 2015 වසරේ ඔක්තෝබර් 14 වැනි දින එවකට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් 2016 සිට ඉදිරියට පළමු ශ්‍රේණියේ ළමුන් පාසලට ඇතුළත් කිරිමේ දී, පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව අඩු කළ යුතු බවට සීමා පැනවීමයි.
ඒ අනුව 2016 දී එම සිසුන් සංඛ්‍යාව 40 ලෙසින් ද, 2021 වසරේ එය ළමුන් 35 ක් දක්වා ද අඩු කළ යුතු බව අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් 2008/37 දරන චක්රලේඛයෙන් 6 සිට 11 වසර දක්වා පන්ති සඳහා ළමුන් 45 ක උපරිමයකට යටත්ව ඇතුළත් කර ගත යුතු බව සඳහන් වේ. මේ අනුව 2020 වසරේදී රජයේ පාසල්වල 6 ශ්‍රේණි සඳහා එක් පන්තියකට අලුතින් බඳවා ගත හැකි අවම සිසුන් සංඛ්‍යාවක් 35ක් වේ. මේ හේතුවෙන් ජනප්‍රිය පාසල් සඳහා 6 ශ්‍රේණියට ශිෂ්‍යත්ව ලකුණු පදනම මත ඇතුළත් කිරීමේ අදාළ කඩඉම් ලකුණු ඉහළ දැමීමට හේතු වූ බව අධ්‍යාපන බලධාරින් කරුණු දක්වා ඇත.බලධාරින් මෙසේ කරුණු දැක්වුව ද, විදුහල්පතිවරුන් මෙම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් 1 වසර සිට 5 වසර දක්වා සිසුන් ඇතුළත් කරමින් සිටිති. මේ හේතුවෙන් පාසල්වල සිසුන් සංඛ්‍යාව වැඩි වී ඇත. මේ බව අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්ෂික විගණන වාර්තාවේ ද සදහන් වේ. මේ තත්වය තුළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වන සිසුන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළවීමේ ඉඩ ප්‍රස්ථාව අහිමි වී ඇත.එබැවින් එම සිසුන්ට සමාජයේ සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම අහිමි වී සිටිති.එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද, 2021 වසර සඳහා රජයේ ජනප්‍රිය පාසල්වල 6 ශ්‍රේණියේ ඇති පුරප්පාඩු මත පදනම්ව පහ වසර සමත් සිසුන්ගේ කඩඉම් ලකුණු තීරණය කිරීමට අධ්‍යාපන බලධාරින් නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.රජයේ ජනප්‍රිය පාසල 6 ශ්‍රේණියේ ඇති පුරප්පාඩු මත පදනම්ව පහ වසර සමත් සිසුන් ඇතුළත් කර ගන්නා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසට පියවර ගන්නා ලෙසට ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුලට බලධාරීන්ට නියෝග කරන්නැයි ද පෙත්සමින් ඉල්ලා සිටිති.
(රංජන් කටුගම්පොළ)
0 Comments