ඉන්දියාව තුළ ක්‍රියාත්මක COVID-19 එන්නත් වැඩසටහන යටතේ රජයේ රෝහල් තුළ සිදුකරන නොමිලේ එක්නත්කරණයට අමතරව පෞද්ගලික රෝහල් හරහා ද එන්නත්කරණය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වෙයි. එරට තුළ මෙම එන්නත්කරණය වේගවත් කිරීම එහි අරමුණ වී තිබේ. ඒ අනුව ඒ එන්නත් මාත්‍රාවක් සඳහා ඉන්දීය රුපියල් 150ක ගාස්තුවක්ද, සේවා ගාස්තුව ලෙස තවත් රුපියල් 100ක මුදලක්ද අය කළ හැකි බව බලධාරීන් සදහන් කරයි. මෙහිදී බ්‍රිතාන්‍යයේ AstraZeneca ආයතනය සහ ඔක්සෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවූ එන්නත අනුව යමින් ඉන්දියාවේ Serum ආයතනය මගින් නිපදවූ Covidshield එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදුවෙයි. ඒ අනුව මේ සඳහා දැරීමට වියදම ඉන්දීය රුපියල් 500කි.කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් හරහා මෙම එන්නත් ලබාදීම පිළිබද නීති තවදුරටත් වෙනස් විය හැකි බවද පවසයි.
මේ දක්වා එරට ප්‍රාන්ත සියල්ලක් වෙතම මේ අනුමැතිය පිළිබඳව දැනුම්දී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ. මෙහිදී රජයේ රෝහල් තුළදී එන්නත්කරණය සිදු කරගන්නා ආකාරයෙන්ම පෞද්ගලික රෝහල්තුළදිත් එන්නත්කරණයට යොමුවන පිරිස් අනිවාර්යයෙන්ම ඊට පෙර ඒ සඳහා ලියාපදිංචි විය යුතුව ඇත. ඒ සඳහා දැනටමත් ඉන්දීය රජය අන්තර්ජාල යෙදවුම් කිහිපයක්ම හඳුන්වා දී ඇත.
ඒ හරහා ජනතාවට තම එන්නත විදගත හැකි රාජ්‍ය සහ පෞද්ගලික එන්නත් මධ්‍යස්ථාන සහ වේලාවන් මොනවාද යන්න පිළිබද තොරතුරු ලබාදෙයි.මේ අතර ඉන්දියාව තුළ වයස අවුරුදු 60ට වැඩි සහ වයස අවුරුදු 45ට වැඩි පිරිස් වෙත COVID-19 මර්දන එන්නත් ලබාදීම අද දිනයේ (මාර්තු01) සිට ආරම්භ කිරීමටද ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත. ඉන්දියාව තුළ මෙම එන්නත්කරණය ඇරඹුණේ පසුගිය ජනවාරි 16 වැනිදාය.
0 Comments