ඉරාන රජය සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව, ආරම්භ කළ "චබහාර්" වරායේ සංවර්ධන කටයුතු අවසන් වී ඇති බවත්, ලබන මැයි මස අවසානයේ වරායේ මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇති බවත් ඉන්දීය රජය පවසයි. 'චබහාර්" යනු ඉරානයේ, ඕමාන් බොක්කට අයත් වරායක් වන අතර, ඉන්දියාව ඉරානය සමඟ ගිවිසුම් අත්සන් කරමින් සංවර්ධනය කර ඇත්තේ වරායේ එක් පර්යන්තයකි. පර්යන්තයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමෙන් පසු, වසර 10 ක් යනතුරු වරායේ පාලනය සහ මෙහෙයවීම් කටයුතු ඉන්දියාවට අයිති වෙයි.
‘චබහාර්' වරාය හරහා ඉන්දියාව ඇෆ්ගනිස්තානයටත්, සෙසු මධ්‍යම ආසියානු රටවල්වලටත් සම්බන්ධ වෙයි. ඒ, ඉන්දියාවේ එදිරිවාදියා වන පාකිස්තානය මඟ හරිමිනි. ට්‍රම්ප් පරිපාලන සමයේ, ඇමෙරිකාව ඉරානයට පැනැවූ සම්බාධක හේතුවෙන් වරායයේ කටයුතුවලට බාධා එල්ල විය. වත්මන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්රමුඛ රජය සමග සාකච්ඡා පවත්වා, ඉරානයට පැනැවූ සම්බාධක ලිහිල් කිරීමට, තමන් ද පියාවර ගන්නා බව, ඉන්දීය රජය වෙනුවෙන් එරට වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය මන්ෂුක් මන්දවියා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
ඉරානයේ චබහාර්’ වරායේ සිට ඇෆ්ගන් දේශසීමාවට යාබදව පිහිටි සිටන් බලුකිස්තාන් ප්‍රාන්තය දක්වා කිලෝ මීටර් 600 ක් දිග දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සැලැසුම් සකස් කර තිබේ. ඒ, ඇෆ්ගනිස්තානයට භාණ්ඩ ප්‍රවාහනය කිරිමේ අරමුණින්ය. මෙම ව්‍යාපෘතියට වැය කරන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.6 කි.
0 Comments