isis-africa

ආසන්න කාලසීමාවේදී මොසැම්බික් රාජ්‍ය තුළ සිදුවුණු ISIS ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් අනුව මේ වනවිට එම සංවිධානයේ වැඩි තර්ජනය ඉරාකයෙන් සහ සිරියාවෙන් පිටත, අප්‍රිකාව වෙත විහිදී ඇති බව පැහැදිලි යැයි එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රධානියෙකු පවසයි.
 


ISIS පරාජයට පත්කිරීමේ ගෝලීය ඒකාබද්ධතාවේ එක්සත් ජනපදයේ වැඩබලන විශ්මිත නියෝජිත ජෝන් ගොඩ්ෆ්‍රේ මෙම අදහස් පළ කර තිබෙ"2019 වසරේදී ISIS සංවිධානයේ භූමිය පරාජයට පත් කරන්නට හැකි වූ බව ඔබ සියලු දෙනාම දන්නවා. එතැන් පටන් ඔවුන් තමන්ගේ ක්‍රියාකාරකම් සිය ශාඛා සහ ජාල වෙත ව්‍යාප්ත කිරීමට අවධානය යොමුකර තිබෙනවා. ආසන්න කාලසීමාවේද මොසැම්බික් රාජ්‍යයේ සිදුව ඇති ISIS සංවිධානයේ ක්‍රියාකාරකම් ඊට හොදම නිදසුනයි.” යනුවෙන් ඔහු පවසා තිබේ.

ඒඅනුව ISIS තර්ජනය සම්පූර්ණයෙන්ම ලෝකයෙන් ඉවත් කිරීමට නම් මෙලෙස ඉරාකයෙන් සහ සිරියාවෙන් පිටත පිහිටි මෙම ISIS ශාඛා සහ ජාල සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දෙයි. මොසැම්බික් රාජ්‍යයේ උතුරුදිගට වන්නට පිහිටි ප්‍රදේශයක් සිය ඉස්ලාම් රාජ්‍ය බවට පත්කිරීමේ කටයුත්තේ මෙම ISIS හිතවාදී කණ්ඩායම නිරතව සිටියි. 2017 වසරේ සිට මෙම අන්තවාදී මුස්ලිම් සංවිධානය එරට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අතර, ආසන්නතම සිදුවීම පසුගිය සතියේදී මොසැම්බික් හි පිහිටි බොරතෙල් පරිශ්‍රයකට එල්ල වූ ප්‍රහාරයයි.