jaffna-death-incident

යාපනයේ නාවක්කුලි ප්‍රදේශයේ විවාහ මංගල උළෙලකට සහභාගි වෙමින් සිටි කාන්තාවක් හදිසියේ බිම
ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසුව 17දා මියගොස් තිබේ.



වයස අවුරුදු 42ක් වූ මෙම කාන්තාව පෙර අසනීප කිසිවකින් නොපෙළුණු බව ඇගේ ඥාතීන් විසින් ප්‍රකාශ
කිරීම නිසා මියගිය කාන්තාවගේ මළ සිරුර පී.සී.ආර්. පරීක්ෂණ අවසන් වන තුරු ඥාතීන්ට ලබා නොදීමටත්
පශ්චාත් මරණ පරීක්ෂණය නොපැවැත්වීමටත් යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරු තීරණය කොට තිබේ.

යාපනය, නාවක්කුලි පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.


වවුනියාව - රසාදි චතුරංගි ගමගේ