පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංවාදයට පාදකවූ ඇඩ්රස් නෑ චිත්‍රපටයේ ගීත නිර්මාණයක් මුල් හිමිකරුවන්ට මුදල් නොගෙවා වාණිජ භාවිතයේ යෙදවීම සම්බන්ධ ගැටලුවට අදාළව මහාචාර්ය සුනිල් ආරියරත්න හා භාතිය ජයකොඩි යන අය අදහස් දක්වා තිබූ අතර එම සංවාදයේ අවසන්වරට මහාචාර්ය සුනිල් ‘ඇඩ්රස් නෑ නිර්මාණ සොරකමේ බොරු 3 ක් සමාජ ගතවුණා‘ යනුවෙන් කරුණු දක්වා කළ පැහැදිලි කිරීමේදී චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ලකර තිබුණි. ඒවා මෙසේය.
1
'ජනිත මාරසිංහ නැමැත්තා ජනමාධ්‍යවලට පුන පුනා කියා ඇත්තේ ඔහුට මේ ගීතය පිළිබඳ සියලු අයිතිවාසිකම් ඇති බවයි. ඒ බව ඔප්පු කිරීමට ලේඛන තමා සතුව ඇති බවයි. මෙය පට්ටපල් බොරුවකි. '
2
'ගීත දෙකක පදමාලාවලට ඔහු වසර 6ක් තිස්සේ තබදොයිතුවක්වත් ගෙවා නැත.'
3
'ජැක්සන් ඇන්තනිට මේ අවනඩුව පැවැසූ විට ඔහු කියා සිටියේ 'ඇඩ්රස් නෑ” චිත්‍රපටය කතාව, දෙබස, තිරනාටකය, රංගනය වෙනුවෙන් ඔහුටද මේ නිෂ්පාදකවරයා ගෙවා ඇත්තේ මුහුරත් උළෙලේදී දුන් මුදල පමණක් බවයි'
චිත්‍රපටයේ නිෂ්පාදක ජනිත මාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අප වෙත එවා ඇති පිළිතුරු ලිපිය ඔහුගේ ඉල්ලීම පරිදි මේ සමග පළ කරමු.
කෙසේ වෙතත් සංවාදය කියවමින් සිටි පාඨකයින්ට කුතුහලය ඉතිරි කළ ගැටලු තුනකට එහි පිළිතුරු ලබාදී නැති බව පෙනෙන්ට තිබේ.
0 Comments