ජපානය තුළ COVID-19 එන්නත ලබාගත් පිරිස් වෙත ඩිජිටල් සෞඛ්‍ය සහතික පත්‍රයක් නිකුත් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව මෙය එම පුද්ගලයන් සඳහා විදෙස් සංචාරයන්හි නිරත වීම් ගුවන් ගමන් බලපත්‍රයක් ලෙස එය භාවිත කළ හැකි බවද සදහන් වෙයි.
දැනටමත් චීනය සහ යුරෝපා සංගමය මෙවැනි ගුවන් බලපත්‍රයක් හදුන්වා දී ඇති අතර, ඊට ගැළපෙන ලෙස ජපානයද මෙම නව හඳුන්වාදීම සිදු කිරීමට සැලසුම් කර ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලබාදෙන මෙම සහතිකය ජංගම දුරකථන ඇප් වැඩසටහනක්හරහා කළමනාකරණය කෙරේ. ඒ අනුව ගුවන් යානයකට ගොඩවීමේදී සහ ඉන් පිටවීමේදී මෙන්ම හෝටලයක් වෙත ඇතුළු වීමේදී ද මෙම සහතික පත්‍රය ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී. විශේෂයෙන්ම ජපානය තුළ වෙසෙන සහ ආපසු සිය මව් රටවල් වෙත යාමට බලාපොරොත්තු වන විදේශිකයන් වෙත පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් මෙම ඇප් වැඩසටහන ඉදිරිපත් කර තිබේ
0 Comments