jasprit-bumrah-wedding



ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා එරට රූපවාහිනී නිවේදිකාවක් වන සංජනා ගනේසන් සමඟ ඊයේ විවාහ දිවියට ඇතුළත් වූයේය.


 

එංගලන්තයට එරෙහිව දැනට පැවැත්වෙන තරගමාලාවෙන් බුම්රාට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බීසීසීඅයි) නිවාඩු ලබා දී ඇත්තේ මෙම විවාහ උත්සවය වෙනුවෙනි.
"ආදරය, එය ඔබට සුදුසු යැයි හැඟේ නම්, ඔබේ ගමන් මග මෙහෙයවයි" යනුවෙන් බුම්රා ට්වීට් කර ඇති අතර ඔහු සහ සංජනා විවාහ චාරිත්‍ර ඉටු කරන අයුරු ඡායාරූප කිහිපයක්ද ප්‍රසිද්ධ කර තිබේ.
දකුණත් වේග පන්දු යවන්නෙකු වන 27 හැවිරිදි බුම්රා 2016 දී ජාත්‍යන්තර තරගාවලිය ආරම්භ කළ දින සිට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් 19 ක්, එක්දින තරග 67 ක් සහ විස්සයි 20 තරග 50 කට ක්‍රීඩා කර තිබේ.‍
ඔහු විවාහවූ සංජනා ගනේසන් යනු අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන 2019, අයිපීඑල් සහ ටීම් ඉන්දියා තරඟ වලදී ක්‍රිකට් විකාශන වලදී පෙනී සිටි රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන්  ඉදිරිපත් කරන්නියකි.