මෙරට කොවිඩ් 19 වසංගතය පාලනය කරන්නේ කෘත්‍රිමව බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ විද්‍යාත්මකව
සසදා බැලීමේදී එකවර කොවිඩ් අවදානම රෝගීන් පැතිරීම මේ තරම් ඉක්මනට පහළ නොයන බවයි.
මේ වන විට පෙර සිදුවූ පී.සී.ආර්. පරීක්ෂණවලින් 1/4ක් පමණ අඩු ප්‍රමාණයක් සිදු කරන බවට තොරතුරු
ලැබී ඇතැයි පවසන ඒ මහතා කියා සිටියේ නිවැරැදි ඇත්ත සැඟවීමෙන් නිවැරැදි තීරණ ගැනීමට
නොහැකිවීම හා රට බරපතළ අවදානමකට පත්වීම නොවැළැක්විය හැකි බවයි.
තවද කොවිඩ් එන්නත සැලසුමද රට තුළ අඩාල වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත මඟින් අතුරු ආබාධ ඇතිවේ යැයි යන මත අසත්‍යයක්
බවද ඔහු කියා සිටී.
0 Comments