මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරුමැද පළාත් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක මාර්ග රැසක සංවර්ධන කටයුතු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.
මෙම මාර්ගවල සම්පූර්ණ දුර කිලෝමීටර් 80කි. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ඉදිකරන මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් මාස 18ක කාලයක් තුළ අවසන් කළ යුතු වේ.මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6745වැය වේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ සාජු අධීක්ෂණය යටතේ මෙම මාර්ග සංවර්ධනය කරනු ලබයි.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,"මෙම මාර්ග සංවර්ධනය කරන කැබිනට් අනුමැතිය ලැබිලා තිබුණත් නැහැ. ටෙන්ඩර් පටිපාටිය අවසන් වූ විගස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් එකේදී අපි ගිය සදුදා අනුමැතිය ගත්තා.බිලියන 6.7ක් මෙම මාර්ග හදන්න වැය වෙනවා.
තලාව හන්දියෙන් පටන් අරගෙන කැකිරාව පාරේ අනුරාධපුර ප්‍රධාන මාර්ගය ගාවට කිලෝමීටර් දහයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී හදල තියෙන්නේ. මම හිතුවේ ගිය අවුරුදු පහේ ඒක හැදුවේ කියලා. 2012 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහාමාර්ග ඇමතිතුමා හැටියට මේ මාර්ගය අවසන් වන කොටස් කිලෝමීටර් දහයක් හදලා තියනවා. කැකිරාව - අනුරාධපුර -ගනේවල්පොල මාර්ගය අපි හදනවා. අර කෘඩියා සෙලනිකා ගහ අතහැරලා අධිවේගී මාර්ගය හදනවා නම් බිලියන 8.6ක්, කෝටිවලින් නම් ඒක 860ක්, ලක්ෂ වලින් තම් 86,000ක් වැඩිපුර වියදම් වෙනවා.
ඒ ගැන තවම අපි තීන්දුවක් අරගෙන නැහැ.
අපේ ආණ්ඩුව මුල් ගල පැලවෙන්න හරින ආණ්ඩුවක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයෙන් පසු කිසිම සංවර්ධන කටයුත්තක් අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබුණේ නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ අපේ ආණ්ඩුව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන යනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 500කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට වැඩ ආරම්භ කරතියෙනවා. අපේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සෑම ග්‍රාමසේවා වසමකම නිවසක් සහ කඩයක් ලබාදීමේ ව්‍යාපෘතියක් අදට (08) යෙදෙන ලෝක කාන්තා දිනයේදී ආරම්භ කරනවා.
0 Comments