කලවාන ප්‍රදේශයේ නිවසක සිටි සත් මසක බිලිදෙකු මවකගෙන් උදුරාගෙන බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව සැකපිට එකම පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලීසිය පවසයි.සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටිනුයේ, කහවත්ත ඇල්ලවත්ත ප්‍රදේශයේ එකම පවුලේ මව වන කාන්තාව සහ ඇයගේ දියණිය සහ එම දියණියගේ 18 හැවිරිදි පුතෙකි.  පැහැරගෙන ගිය දරුවා රත්නපුර ශික්ෂූණ රෝහලට එම දරුවාගේ මවගේ නමින්ම ඇතුළත් කර තිබේ.මෙම සිද්ධියට සැකපිට ප්‍රධාන සකකාරිය සිකුරාදා රාත්‍රි කහවන්ත ඇල්ලවත්ත ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගේ දියණිය සහ මුණුබුරකු නීතිඥවරයෙකු මාර්ගයෙන් කහවත්ත පොලිසිය වෙත භාරවීමෙන් පසු පෙරේදා (13දා) අත්අඩංගුවටගෙන තිබේ.



සැකකාරියන්ගේ පවුලේ තරුණියක් කලවාන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග විවාහවී සිටි අතර පවුල් ආරවුලක් නිසා ඔවුන් විරසකව සිටි බවත්, එම කාලයේදී තරුණිය තම දරුවා සමග කහවත්ත ප්‍රදේශයේ තම මහගෙදර රැදී සිට ඇති අතර, ඇයගේ මව, සොහොයුරියක් සහ සොහොයුරියගේ 18 හැවිරිදි පුතාද එම නිවසේ පදිංචිව සිට ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය. පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවුල් උපදේශකවරයාගේ උපදෙස් අනුව විරසකව දික්කසාද වීමට ද සිටි තරුණ අඹු සැමි දෙදෙනා නැවත සහජීවනයෙන් දරුවා සමග ගතකිරීමට කැමතිවී ඇති අතර, අධිකරණයේ එකගතාව පළ කිරිමෙන් පසු තරුණ කාන්තාව සිය බිළිදාද රැගෙන සැමියා සමග යළි කලවාන කොඩිප්පිලිකන්දේ පිහිටි සැමියාගේ නිවෙසට ගොස් ඇති අතර, සැකකරුවන් පැලවත්ත නගරයේ සිට ත්‍රිරෝද රථයකින් පැමිණ සත්මසැති බිළින්දා පැහැරගෙන ගොස් ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද සත් මසක බිලිදෙකු මව විසින් දමා ගොස් ඇති බවයි. එම දරුවා රෝහලට ඇතුළත් කර තිබුණේ දරුවාගේ මවගේ නමින් බවත් සැකකාරියන් විසින් එලෙස අසත්‍ය තොරතුරු රෝහලට ලබාදී දරුවා රෝහල්ගත කර තිබූ බවත් පසුව හෙළි විය.සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයද කලවාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

(රත්නපුර - ලසන්ත නිරෝෂණ පෙරේරා)