කල්ටිය දලුව අන්තර් සමුදු පිරිවෙන් විහාරයේ විහාරාධිපති හිමියන් හමුවේ අශෝභන ලෙස හැසිරෙමින් අසභ්‍ය ඡායාරූප ගැනීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් කාන්තාවන් සිවුදෙනෙකු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 24දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු එෆ්.එස්. මහ්ෆී මහත්මිය නියෝග කළ බව නොරොච්චෝල පොලීසිය පවසයි.
නාගවිල්ලුව, සිරම්බිඅඩිය, ගන්නෝරුව, දලුව යන ප්‍රදේශවල පදිංචි කාන්තාවෝ සිවුදෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.මේ අතර අදාළ කාන්තාවන් විහාරස්ථානයට පැමිණි පුත්තලම ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරා ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
නොරොච්චෝල පොලීසියේ ස්ථානාධිපති පොලීස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතාගෙන් මේ පිළිබද කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ, පසුගිය 18 වැනිදා සන්ධ්‍යාවේ කාන්තාවන් දෙදෙනෙකු මෙම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන්ට අයුතු බලපෑම් සිදු කිරීමට උත්සාහ දරා ඇති අතර, ඒ අවස්ථාවේ විහාරස්ථ දායක සභාව මැදිහත්ව කාන්තාවන් විහාරස්ථානයේ රදවාගෙන, කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීරසිංහ මහතාත්, නොරෙච්චෝල පොලීසියත් විහාරස්ථානයට කැදවා සැකකාර කාන්තාවන් හා ඔවුන් විහාරස්ථානයට කැදවාගෙන පැමිණි ත්‍රිරෝද රථ රියැදුරා පොලීසියට භාර දී ඇති බවයි.
අනතුරුව මෙම කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් සාමාජිකත්වය දරන පුත්තලම ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක සභාපතිවරියක වන කාන්තාවක ඔවුන්ට මෙම මෙහෙයුම භාර දුන් බවය. විහාරාධිපති හිමියන්අපහසුතාවට හා නින්දාවට පත් කිරිමේ අරමුණින් තමන්ට මෙම වගකීම භාර දී ඇතැයි ඔවුන් විසින් එහිදී ප්‍රකාශ කොට ඇත.රාජ්‍ය නොවන සංවිධානයේ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඇය විහාරස්ථානය අසළ පදිංචි එක්තරා ව්‍යාපාරික කාන්තාවක තමාට මෙම මෙහෙයුම භාරදුන් බව ප්‍රකාශ කර තිබේ.ඒ අනුව මෙම කාන්තාවන් සිවු දෙනාත්, ත්‍රිරෝද රථ රියැදුරාත් අත්අඩංගුවට ගැනීමෙන් පසු පසුගිය 19වැනිදා පස්වරුවේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
(කල්පිටිය - කුමාරි කොට්ටහච්චි)
0 Comments