උතුරු කළුතර ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කොරෝන්නා ආසාදිතයකු බවට හඳුනාගත් මැණික් ව්‍යාපාරිකයකු සතු රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් සහිත පාර්සලයක් වංචා සහගතව ලබාගත් බව කියන සකකරුවකු එම මැණික් පාර්සලයද සමග 08දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව උතුරු කළුතර පොලිසිය කියයි. බේරුවල චීන කොටුව ප්‍රදේශයේ පදිංචි තවත් මැණික් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් අන්සාර් මොහොමඩ් නවුෆර් යන අය පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව පරික්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
නයිජීරියාවේ සිට පැමිණි මැණික් ව්‍යාපාරිකයා හෝටලයේ නිරෝධායනය වෙමින් සිටියදී ඔහු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති අතර තම අත වූ මැණික් පාර්සලය ගෙන යාමට පැමිණෙන ලෙස තම ව්‍යාපාරික සගයකු වූ පැමිණිලිකරුට දන්වා ඇත. ඒ අනුව හෝටලය අසලට පැමිණි පැමිණිලිකරු සමග අතරමැදියකු ලෙස කටයුතු කළ සැකකරු නිරෝධායනය වෙමින් සිටි ව්‍යාපාරිකයා හෝටල් කාමරයේ සිට විසි කළ මැණික් පාර්සලය හෝටල් වැට මායිමේ සිට රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මැණික් පාර්සලය ලබාදීමට උදව් වන බව කී සැකකරු නැවත පැමිණෙන තුරු බලා සිටියද නොපැමිණි හෙයින් පැමිණිලිකරු උතුරු කළුතර පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබුණි. සැකකරු ඊයේ (09) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
- සුනිල් එස්. ත්රිආරච්චි -
0 Comments