පාසලේ පන්ති කාමර පිරිසුදු කිරීම සහ පිළිසකර කිරීම් කටයුතු සඳහා පැමිණෙන ලෙස පාසලෙන් කර තිබූ දැනුම්දීමක් මත මව්පියන් පිරිසක් ඊයේ උදේ පාසලට පැමිණ එම කටයුතුවල යෙදී සිට ඇති බව කෑගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. හයවැනි වසරේ ඉගෙනුම ලබන සිය දරුවා වෙනුවෙන් නිශාන් මහතා ද පාසලට පැමිණ එහි ගොඩනැගිල්ලක තුන්වන මහලේ කැඩී ගිය ජනේලයක් පිළිසකර කිරීමේ නිරතව සිට ඇතැයි පොලිසිය කියයි. ජනේලයේ පියන ගැලවීමට ඇතුළත සිට පිටතට ජනේලකින් මාරුවීමට ගිය අවස්ථාවේ අඩි 20ක් පමණ ඉහළ සිට ඔහු ඇදවැටී ඇති බවත් කෑගල්ල මහ රෝහලට ගෙනයන විටත් ඔහු මියගොස් සිටි බවත් එම පොලිස් නිලධාරියා කීය.
දරුවන් වෙනුවෙන් පාසලට පහසුකම් ගාස්තු පවා ලබාගන්නා නිසා පිළිසකර කිරීම් සඳහා මවුපියන් ගෙන්වීම වරදක් බව කෑගල්ල ප්රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්රී ශිලන්ත විජේපාල මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය. අනාරක්ෂිත ස්ථානයක පිහිටා ඇති කැඩී බිඳී ගිය ජනෙල් දොරවල් පිළිසකර කිරීමට ඒ සඳහා පළපුරුද්දක් ඇති වඩු බාස්වරුගේ සහාය ලබාගත්තේ නම් මෙවැනි කනගාටුදායක සිද්ධියක් සිදුනොවන බව ද ප්රාදේශීය සභා මන්ත්රීවරයා පෙන්වා දෙයි.
- ශ්රීනාත් ප්රසන්න ජයසූරිය-
0 Comments