ඉකුත් ජනාධිපතිවරණ සමයේ දෙරණ ටීවී නාලිකාව මගින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තියක් මගින් කියැවුනේ රටේ වෙනස් නායකයෙක් පහළවන බවට ඉඟි කරමින් කැලණි ගඟට නාග රාජයෙකු පැමිණ ධාතු කරඩුවක් ලබා දුන් බවකි.
මෙම මිථ්‍යා කතාව සනාථ කිරීම සඳහා උදාර නමැති (තමන් බුදුවූ බවට ඊට පෙර කලෙක නාටකයක් රඟපෑ) පුද්ගලයෙකු කැලණියේ කපුවෙකු ලෙස පෙනී සිටි අතර විහාරාධිපති හිමියන්ද ‘මට විශාල ශබ්දයක් ඇහුණා‘ ආදී ලෙස පවසමින් රූපවාහිනියට සාක්ෂි සපයා තිබුණි.
මෙම නාටකීය පුවත ඒ දිනවල බොහෝ දෙනාගෙ හාස්‍යයට ලක්වූ අතර පසුව පාර්ලිමේන්තුවේ පවා සමච්චල් කතාබහට ලක්වන පුවතක් බවට පත්විය.
බුදුන් වැඩි ශුද්ධ භූමිය දේශපාලන ප්‍රචාරණය සඳහා අනිසි භාවිතයක යෙදවීම ගැන විවේචනද පළවිය.
මෙම කතා පැවසූ උදාර නැමැත්තා තම දරුවා බේරාදෙන ලෙස පිළිරුවක් අසල හඩාවැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සංසරණය වෙමින් පවතියි.
එදා බුදුන් වැඩ සිටි භූමියේදීම ව්‍යාජව කරන ලද මෙම රංගනය සෑම දෙනාගේම පිළිකුලට භාජනය වූ නිසා එම දෝෂය තමන්ටම ශාපයක් බවට පත්ව ඇති බවක් ඇතැමුන් දන්වා තිබේ.
හඩාවැටෙන වීඩියෝව පහතින්
0 Comments