kolonna-incident

කොළොන්න වෙලේවත්ත ඇල්ලේ නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී පෙරේදා (28දා) මියගොස් ඇතැයි කොළොන්න පොලිසිය පවසයි.ගොඩකවෙල හල්වින්න වදකහදණීය ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී.දමිත් මිහිරංග. ගොඩකවෙල හල්වන්න වැලෑනවත්ත පදිංචි එච්.ආර්. තරුෂ රුක්ෂාන් නමැති 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙසේ මියගොස් ඇති බවද මෙසේ මියගොස් ඇති බවද පොලීසිය පවසයි. මොවුන් එදින පෙරවරුවේ තවත් තරුණයන් දෙදෙනෙක් සමග එම දිය ඇල්ලේ දිය නාමින් සිට ඇත.

එම අවස්ථාවේ තරුණයන් සිවුදෙනා අසල ගල් තලාවක සිට වතුරවළට පැන පිහිනමින් සිටියදී දෙදෙනෙකු දිය යටට ගොස් අතුරුදන්වී ඇති බවට පරික්‍ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසයි.එම අවස්ථාවේ දියෙන් ගොඩට පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා ජංගම දුරකථන හරහා සිද්ධිය පිළිබඳ තම ඥතීන්ට හා අසල්වාසී හිතවතුන්ට දැන්වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් තරුණයන් දෙදෙනා ගොඩට ගෙන කොළාන්න මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද ඒ වනවිටත් ඔවුන් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි. මියගිය තරුණයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කොමළොන්න මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.කොළොන්න පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.වී.රෝහණ මහතාගේ උපදෙස් මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සිරිල්, පොලිස් සැරයන් අබේරත්න යන නිලධාරිහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.


 (කසුන් දර්ශන)