kotugoda-dhammawasa-thera-passed-away

ගල්කිස්ස ශ්‍රී ධර්මපලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියෝ අද (22) අලුයම අපවත් වී වදාළහ.


මහානායක හිමියෝ පෞද්ගලික රෝහලක්දී අද අලුයම 3.05ට පමණ අපවත් වී වදාළ බව බම්බලපිටිය සිරි වජිරාරාමය නිවේදනය කළේය.අපවත්වන විට මහා නා හිමියෝ 88 වැනි වියෙහි පසුවූහ.
උන්වහන්සේ මෙරට බොදු දහමේ උන්නතියට කැපවීමෙන් කටයුතු කළ පැවිදි පඬි රුවනකි.