රුපියල් 5000 ව්‍යාජ නෝට්ටුවක් සමග සැකකරුවකු ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසල දී ඉකුත්දා (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු විසිහැවිරිදි තරුණයකු බවත්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත සැකකාරියක වන කුඩුකුමාරි නමැත්තියගේ
ගෝලයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් පෙරේදා රාත්‍රී 8.00 ට පමණ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සෝදිසියට ලක්කිරීමේ දී ඔහුගේ කලිසම් සාක්කුවේ රුපියල් 6000 ක මුදලක් තිබී ඇති අතර, එහි තිබූ රුපියල් 5000 නෝට්ටුවට සම්බන්ධයෙන් නිලධාරින්ට ඇති වූ සැකයක් අනුව පරික්ෂා කිරිමේ දී එය ව්‍යාජ නෝට්ටුවක් වශයෙන් තහවුරු වූ බවද පොලිසිය පවසයි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම නෝට්ටුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ බූරු පොළකින් ඔට්ටු තැබීමක දී හමු වූ බව ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා මෝදර පොලිසියට බාර දී ඇත.
(ඉන්දිකා රාමනායක)
0 Comments