kurunegala-school-fire

පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් මගින් දල්වන ලද ගිනි ගොඩක් පැතිර යාමෙන් කුරුණෑගල ආදර්ශ මහා විද්‍යාලයේ පන්ති කාමර දෙකක් සම්පුර්ණයෙන්ම දැවී ගොස් බරපතළ හානියක් පෙරේදා (14දා) පස්වරුවේ සිදු වූ බව කුරුණෑගල පොලීසිය පවසයි. 

එම ගින්නට හසු වීමෙන් ආදර්ශ මහා විද්‍යාලයට අයත් බාලාංශ පන්ති කාමර සහිත ගොඩනැගිල්ලක පන්ති කාමර දෙකක් විනාශයට පත්ව ඇත.ආදර්ශ මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි පෞද්ගලික වනපාරික ස්ථානයක අබලි ද්‍රව්‍ය තොගයකට ගිනි තැබීමකදී එම ගින්න ඒ අසල පිහිටි පාසලේ ආරක්ෂිත බැම්මේ ඇති සිදුරක් තුළින් පාසල් භූමියට ඇතුළු වී පත්ති කාමර දක්වා ගින්න පැතිර ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.කුරුණෑගල මහ නගර සභාවේ සහයද ලබාගෙන කුරුණෑගල පොලීසිය මැදිහත්වීමෙන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කෙරිණි. ගින්නට හසු වීමෙන් එම පන්ති කාමර තුළ තිබූ පරිගණක යන්ත්‍ර සහ රූපවාහිනී යන්ත්‍ර සමග ඩෙස් පුටු ආදී සියල්ලටම හානි සිදුව ඇති අතර, සිදුව ඇති හානිය තක්සේරු කර නොමැත.මෙම ගින්න සම්බන්ධයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

(ගිතාංජලී ප්‍රියදර්ශනී)