maharagama-traffic-pannipitiya-incident

පන්නිපිටිය ප්‍රදේශයේ ජනාකීර්ණ මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණයවී තිබෙයි.
එහිදී ඉතා අමානුෂික ආකාරයට බිමට පෙරළාගන්නා පුද්ගලයෙකුගේ ඇඟමතට පනිමින් මෙම නිලධාරියා පහරදෙන අතර ඇඳුම් ගැලවී පාරේ වැතිර සිටින පුද්ගලයාට අසභ්‍ය ආකාරයෙන් බැණ වදිමින් රෙස්ලිං ක්‍රීඩාව සිහිගන්වමින් මෙම පහරදීම සිදු කරන ආකාරයද නිරීක්ෂණය වේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මහරගම පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවත්
මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ ලොරි රථ රියැදුරෙක් බවත්ය.
මෙම ලොරි රථ රියැදුරා මහරගම පොලිසියට අනියුක්ත රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති අතර අනතුරින් පසු ස්ථානාධිපතිවරයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර සඳහා පිටත් කර තිබුණි.
අනතුර සිදු කර තම ප්‍රධානියා තුවාල කිරීම නිසා කිපුණ පොලිස් කොස්තාපල්වරයා රියදුරුට නීතියෙන් කටයුතු කරනු වෙනුවට පහරදීම සිදු කරන අයුරු වීඩියෝවේ දැක්වේ.
මෙම පහරදීම සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් නියෝග කර තිබෙන බවද පසුව වාර්තා විය.

රෙස්ලිං පහර කන්න පෙර රියදුරු ඕඅයිසීගේ අත සයිඩ් මිරර් එකේ හැප්පූ හැටි