mahindananda-tyre

පසුගියදා පස්සරදී සිදුවූ අනතුරින් පසු විශේෂ පොලිස් නියමයක් අනුව ගෙවී ගොස් කට්ට නැති ටයර් පවතින වාහන විශේෂයෙන් බර වාහන ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.


මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ප්‍රවාහනයේ යෙදෙන අය චෝදනා කළේ ලංකාවේ දේශීය ටයර් වලට මුල්තැන දීමේ අටියෙන් පසුගියදා රජය ටයර් ආනයනය නතර කළ නිසා ගෙවීගිය ටයර් පාවිච්චිය ඉහළ ගොස් ඇති බවත් නිසි ටයර් භාවිතයක් නැතිව බොහෝ පිරිස් අසරණභාවයට පත්ව ඇති බවත්ය.
මෙම හේතුව අද (23) පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වූ අතර එම අවස්ථාවේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සභාවට දන්වා සිටියේ මෙම නීතිය අනුව ටයර් ගෙවීයාම් සොයා බලන මෙහෙයුම පොලිස්පතිතුමාට කියා වහාම නතර කර දෙන බවයි.
ගෙවුණු ටයර් සහිත රථ වාහන සොයා පොලීසිය ආරම්භ කළ මෙහෙයුම් හේතුවෙන් කුඩා ලොරි රථවලින් බෝග ප්‍රවාහනය කරන ගොවීන් පීඩාවට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර නැගූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කීය.