ව්‍යාජ ඡායාරූප සකස් කර අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාතලේ ප්‍රාදේශීය සභාවේ
මන්ත්‍රිවරයකු ලබන 23 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන
මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (17දා) නියෝග කළේය.
මාතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ස්වාධීන මන්ත්‍රි යටවත්ත මාතලේ පදිංචි මලල බණ්ඩාර
ඒකනායක යන අය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප හා ජනාධිපතිවරයාගේ සහ
අගමැතිවරයාගේ ඡායාරූප එකතු කර ව්‍යාජ ඡායාරූප සකසා අන්තර්ජාලයට මුදා හැරි බව කියන
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ
ඉදිරිපත් කර තිබිණි.
සැකකරු වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක හා නීතිඥ උපුල් ජයසූරිය යන මහත්වරුන් අධිකරණය හමුවේ
පෙනී සිටි අතර සැකකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බවත් මෙකී
වරදට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදාළ වන්නේ කෙසේද යන්න ඔවුහු අධිකරණය හමුවේ විමසා සිටියහ.
එහිදී මහේස්ත්‍රාත්වරයා මේ වරද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට අදාළ වන්නේ කෙසේදැයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා නොදීම මත ඉදිරි දින මේ
සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.
හංසි නානායක්කාර
0 Comments