ඊයේ දහවල් 2 ට පමණ මීගහවත්ත පොලිසියට පැමිණි හෙයියංතුඩුව සමාගමක විධායක නිලධාරියෙකු පැමිණිලි කර ඇත්තේ තම ලක්ෂ 23ක මුදල හා 23000 ක චෙක්පතක් කොල්ලකෑමට ලක්වූ බවත්බැංකුවට මුදල් තැන්පත් කරන්නට යද්දී තමන් පාර මාරුවනතුරු බලා සිට යතුරු පැදියක නැවතී සිටි දෙන්නෙකුගෙන් කෙනෙකු කොල්ලය සිදුකර දෙන්නාම පළාගිය බවත්ය.
පොලිසිය මෙම පුද්ගලයාගේ තොරතුරුවල සැකසහිතභාවය ගැන අවධානයට යොමුවී තිබූ අතර ඒ ගැන සිදුකළ පරීක්ෂණ අනුව කොල්ලයක් සිදුවන ආකාරයක් හඳුනාගෙන ඇතත් එය ඔහු විසින් මවාපාන රංගනයක් බවත් ඔහු කියා ඇත්තේ බොරුවක් බවත් අනාවරණය වී ඇත.


ලක්ෂ 23ක මුදලක් ඇතැයි සඳහන් කළ බෑගයේ එවන් මුදලක් තිබී නැති අතර කොල්ල කෑ බව කියා තිබූ  බෑගය හමුවීමේදී තිබී ඇත්තේ 50000 ක් පමණක් බවත් එය රංගනය සිදු කළ අයගේ ගාස්තුව බවත් අනාවරණයවී ඇති අතර ඔහු අදාළ සමාගමේ මුදල් වියදම් කර සමාගමේ මුදල් පියවීමට ක්‍රමයක් නැතිව එය ආවරණය සඳහා මෙම රංගනය කරඇත්තේ තම බිරියගේ සහෝදරයාගේ හිතවතුන් දෙන්නෙකු යොදවා බවටද අනාවරණය වී ඇත. ඒ අනුව බොරු පැමිණිල්ල කර ඇති බව වාර්තා විය. බිරියගේ සහෝදරයා ලවා දෙන්නෙකු යොදවා මෙම බෑගය රැගෙනයාමට කටයුතු කර තිබූ බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගන්නට හැකිවූ බව පොලිසිය පවසයි.

පළාගිය දෙන්නා තවම හමුවී නැතත් බෑගය හා  යතුරුපැදිය හමුවී ඇත.

මීගහවත්ත ප්‍රදේශයේ බැංකුවකට පැමි‍ණේමේදී කොල්ලකෑමක් සිදුවූවායැයි බොරු පැමිණිල්ලක් කර තමන් දන්නා දෙන්නෙකුට මුදල් කොල්ලකා පළායාමට උපදෙස්දී පොලිසියට බොරු පැමිණිල්ලක් කිරීම නිසා මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරියගේ සහෝදරයා දැනට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.පළාගිය දෙන්නා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය. ව්‍යාජ පැමිණිලි යොදවා මුදල් පියවා ගැනීමේ උත්සාහයක් සිදුකරන්නට පොලිසියට පැමිණ ව්‍යාජ පැමිණිල්ලක් කිරීම, කුමන්ත්‍රණය, රජයේ නිලධාරින්ට අසත්‍ය පළ කිරීම සම්බන්ධයෙන් මොවුන් මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.