මීගොඩ සිට පිටකොටුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක යමින් සිටි උපකාරක පන්ති ගුරුවරයකුට හදිසියේ ඇති වූ අසාත්මිකතාවකින් පසුව එම බස් රථය තුළදීම පෙරේදා (13) ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක වටරැක අංක 276/11/23 හි පදිංචි දොඩන්දුව වැදිසිංහ ආරච්චිගේ ප්රියන්ත අරුණශාන්ත නමැති 57 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය කීය.
මියගිය තැනැත්තා කොළඹ ප්රදේශයට යාම සඳහා වටරැක ප්රදේශයෙන් බස්රථයට නැග ඇති අතර ගොඩගම බස් නැවැතුම්පොළින් මගීන් ගැනීම සඳහා බස් රථය නැවැත්වූ අවස්ථාවේදී එක පාරම ඇති වූ අසාත්මිකතාවකින් පසුව හිඳ සිටී අසුනෙන් බිමට වැටී සිහිසුන්ව ඇති බව පොලිසිය පැවසීය.
පසුව එම ස්ථානයට සුවසැරියන් ගිලන්රථයක් ගෙන්වා ඇති නමුත් ඔවුන් වැටී සිටි තැනැත්තා පරික්ෂා කොට ඔහු මියගොස් ඇති බව පවසා නැවත හැරී ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ සේවකයින් මීගොඩ පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු නිලධාරීහු එම ස්ථානයට පැමිණ පරික්ෂණ ආරම්භ කළහ.
-ශාන්ත ප්රදිප් කුමාර කුලරත්න
0 Comments